"ඇයි මොකද අවුල?"
"එහෙම අවුලක් නෙවෙයි අනේ.... දහතුන වසරෙ කොල්ලො ටික ඒකිගෙ පස්සෙන්ම නෙ.දන්නැද්ද ඉතිං.."
"අන්තිමට රණ්ඩු වෙලා තමයි නතර වෙන්නෙ."
"ආ.... මේ ඒකද..."
"ඔහොම බය වෙන්න එපා මෝඩියෙ..."
"විහිලු නෙවෙයි රොෂාන්.. ඔහාල ඇත්තට ම ඒ ලමය ගැන දන්නවද ?"
"මං දන්න දෙයක් නෑ ඕයි.. නමයි ඉන්නෙ කොහොද කියලයි ඇරෙන්න වෙන දෙයක් දන්නෙ නෑ.."
"ඒකනෙ..., උන්ගෙ අම්මයි තාත්තයි ලොකු රස්සාවල් කරන අයලු.කලින් ඉස්කෝලෙ ගිහිල්ලත් තියෙන්නෙ කොළඹ එකකලු."
"මටත් එහෙන් මෙහෙන් ඇහිච්ච දේවල් තමයි.තව විස්තර ෂේප් එකේ අහල බලන්නම් කො... "
"මගුලකටද බං කොළඹ ඉදන් මෙහෙ ආවෙ...?.ජල්ලි ටික ඔක්කොම අල්ලල මෙහෙට අවිත් හිඹිච්ච වගේ ඉන්නවද දන්නෙ නෑ"හරි හමං විස්තරයක් නොදැන ලව් කරන්නට යෑමත් එක අතකට හරි අපූරුය.අපි කෙල්ලන්ගේ ලස්සනට කතා විලාසයට ආදරය කරමින් සිටින්නෙමු!
කෙසේ උවද රන්දී ගැන හරි හමං විස්තරයක් සොයා ගැනීම ඉන්දුටම පැවරූ මං මිතුරන් සමග එක්වුනි.
දවසේ සිව් වැනි හා පස්වැනි කාල පරිච්ඡේද වෙන් වී තිබුණේ රසායන විද්‍යාව සදහාය.පංතියේ පැවොම විද්‍යාගාරයට කැදවා ප්‍රායෝගික පරීක්ෂණයක් පිළිබදව ගුරුතුමිය විස්තර කරමින් සිටියාය.තමන් වටා පරීක්ෂණ නල, බීකර හා රසායනික ද්‍රාවණ පුරවාගෙන තුෂාර වෙනමම පරීක්ෂණයක් ගැන මුමුණමින් සිටියේය.ඔහු කියනා සේ වලට නැගෙන සිනාව විශාල මේසයක් වටා වාඩි වී සිටි අපි අපහසුවෙන් දරා ගත්තේ ගුරුතුමියගේ ක්ෂණික අවධානයට ලක් වන කලාපයක අප සිටි නිසාවෙනි.
"බූරු රැල, බලපල්ල! මෙතන තියෙන නයිට්‍රික් අම්ල ද්‍රාවණයට වතුර බෝතලයකට පොඩ්ඩක් අඩුවෙන් දාලා.... ගිනිකූරක් ගැහුවොත් ඇමරිකව ජපානෙට ගැහුව වගේ දැවැන්ත නියුට්‍රෝන පිපිරීමක් ඇති වෙලා සමාජයීය කාරණා උඩු යටිකුරු වීම තුලින් ඇති වන දැවැන්ත දේශපාලන අවපාතය පිරවීම සදහා එක්ස් ධන දෙක අවකලනය කිරීමෙන් ලැබෙන බව........"
තුෂාරයාගේ කෝච්චි කට නතර වූයේ බාලාංශ පංතියක සිසුවෙකු පැමිණ ගුරුතුමියට යමක් පවසනු දැකීමෙනි
"නියමයි මල්ලී..... මරු! ම්ස් ට බොස් එන්න කියල නේද?" " ජයවේවා!"පණිවුඩය කුමක් දැයි නොදැන උවත් තුෂාරගේ කට ක්‍රියාත්මක වේ.උගන්වන විලාසයෙන් රසායන විද්‍යාව අපට එපාම කරවන්නට ඒ ගුරුතුමියට හැකි විය.ඒ නිසා පාසලේ රසායන විද්‍යා විශය මග හරින්නට හැකි ඕනෑම වෙිලාවක එසේ කරන්නට අපි පසුබට වූයේ නැත.ශිෂ්‍යයා පිටවී ගියද ගුරුතුමිය සිටි අයුරින්ම සිටියාය..
"රොෂාන්....., අන්න ප්‍රින්සිපල් පණිවිඩයක් එවල, ගිහින් බලල එන්න..."
තුරුතුමියගේ විධානයෙන් මා තිගැස්සී ගියෙමි.විදුහල්පතිතුමා හමුවට කැදවීමට තරම් වරදක් මා අතින් සිදුව නැත.පසුගිය දින කීපයේදී පාසලේ සිදු වූ විශේෂිත සිදුවීම් සියල්ල මගේ මනසේ ක්ෂණයෙන් ඇදී ගියේය.එහෙත් මා අතේ වරදක් නැත!
"පලයං පලයං.... උඹට ටීචිං පොස්ට් එකක් දෙන්න වෙන්න ඇති එන්න කිවුවෙ..."
පිටුපස මේසයේ සිටි සොමියාගේ හඩට මුලු පංතියම සිනහ විය.හිතට දිරි ගෙන මං විද්‍යාගාරයෙන් පිට වුනෙමි.තෙමහල් ගොඩනැගිල්ලක් වූ විද්‍යාගාර සංකීර්ණයේ ඉහළම මහලේ සිට ආ මා පිලිගන්නට මෙන් පහල දොරටුව ලග ආසිරි සිටියේය.
"ආ..... වරෙන් වරෙන් පණිවිඩේ එවුවෙ මං..."ඇගට ලේ ටිකක් ඉණුවේ එවිටය.
"ඇයි උඹ දැන් මේකෙ ප්‍රින්සිපල්ද?"
"මචං උඹට වටින පාඩමක්ද?"
"මොන...... මටත් එපා වෙලා හිටියෙ බං.මෙලෝ දෙයක් තේරෙනව කියලයැ.." "මොකද හදිසිය? උඹලට දැන් ඕෆ් ද?"
"අපිට ලයිබ්‍රි පීරියඩ් එක බං"
"හරි හරි ඉතිං කියපංකො පංතියෙ හිටිය මාව ගෙන්න ගන්න තරම් මොකක්ද උඹේ උවමනාව කියල"
"මෙහෙට වරෙන් ., මෙතන ඉදල හෙඩාට මාට්ටු උනොත් අපි දෙන්නම ගස් "ආසිරි කැන්ටිම දෙසට යන්නට විය
"අයියේ.., ප්ලේනටි දෙකයි..."කැන්ටිම පිටුපස කොන්ක්‍රීට් බංකු පේලියෙන් ඉද ගන්නා විට ආසිරි ඇණවුම් කලේය
"මං දැක්ක උඹ උදේ ඉන්දු එක්ක කදේ දාගෙන ඉන්නව.., කොහෙද ඉතිං අහගත්තෙ මොනාද කියල දැනගන්න විදියක් තිබුනෙ නෑනෙ.ඒකයි මං තෝව ගෙන්න ගත්තෙ... "ආසිරි කාරණාව පැහැදිලි කලේය.
"හ හා.... කොල්ලට පෙම්බර මාන්දම ඔලුටම ගහල වගේ ආ...?."
"ඒක නෙවෙයි.... මොනවද උඹ හොයා ගත්තු නිවුස්? කියපංකො....... " ඔහුට ඉවසුමක් නැත.
"වැඩි දෙයක් නෑ බං.ඉන්දුත් ලොකු විස්තරයක් දන්නෙ නෑලු..."
"අරුන්ගෙ අම්මයි තාත්තයි හොද ජොබ් කරනව කියන්නෙ... ඒකි ඕ ලෙවල් වෙනකන් කොළඹ ඉස්කෝලෙකලු ගිහින් තියෙන්නෙ...."
"ඔච්චර තමයි දන්නෙ.මං ඉන්දුට කිවුව තව විස්තර ටිකක් හොයා ගන්න කියල... මොකක් උනත් ටිකක් පරිස්සමෙන් වැඩ කරපං ආසිරි.. පිටින් ලස්සනට හිටියට මොක්කුද කියල අපි දන්නෙ නෑනෙ.."
"සිරාවටම!!! " ආසිරි වික්ෂිප්ත වී ඇත.
No comments:
Post a Comment