Friday, January 7, 2022

බෞකාපන් භානුක



කරුණු කාරනා සිද්දවෙන විදියට උඹ කලින්ම විශ්‍රාම යන්නෙ වෙන ලොකු ප්‍රථිලාභ ටිකක් වෙනුවෙන් කියලාමයි හිතෙන්නෙ.සමහර විට ටීම් එකේ ස්ථිර තැනක් හදාගෙන උඹ ස්ථාවර වෙද්දි එළියෙ ඉන්න එවුන් ලේසියෙන් සල්ලි හම්බකරණ පාරවල් වල යන්න කතා කරනවා ඇති..දරදඬු රිටි වගේ වෙලා ප්‍රශ්න විසඳන්න බෑ මචං.නැමෙන්න ඕනි තැන් වලදි නැමෙන්නම ඕනි.නැත්තම් පීඩනය දරාගන්න බැරුව දණ්ඩ කැඩෙනවා.


අවුරුදු ගානක් නින්දාසහගත විදියට අපේ ටීම් එක පරදිද්දි කවදා හරි දිනයි කියන විශ්වාසයෙන් බලන් ඉඳපු අහිංසක මිනිස්සු පව්.රටේ සිද්දවෙන හැම දේකින්ම විඩාවට පත් වෙලා ඉන්න ලක්ශ ගානකට සතුටක් උනේ උඹලා ගෙනාව ජයග්‍රහන.


ඒත්, ගත්තු තීරණය උඹේ.රසිකයෝ සමාජ මාද්‍යවල මේ තරම් උඹෙන ඉල්ලීම් කරද්දිත් නෑසුන කන් වලින් ඉන්නෙ උඹේ තීරණය ස්ථිර නිසා වෙන්න ඇති.


කමක් නෑ..,සල්ලි කියන කාරණාව දෙවනුවට තියලා රට වෙනුවෙන් ක්‍රිකට් ගහන  එවුන් ටිකක් කවමදාක හරි එනකන් අපි ඉන්නම්..


ලක්ශ ගානක් ඉන්න කියද්දි උන්ගෙ ආදරය වෙනුවෙන් වචනයක් කියන්න බැරි උන උඹෞකාපන්!

No comments:

Post a Comment