Wednesday, December 7, 2016

උන්මත්තක අදහස්


අපේ රටේ අයට කන්නට ඇත්නම් ඕනෑම කබරයෙක් තලගොයෙක් කරගන්නට ගත වෙන්නේ නිමේශයකි.එජාප රජයන්ට පාසල් දරුවන්ගේ නිල ඇදුම් පිලිබදව ඇත්තේද එවැනි ප්‍රතිපත්තියකි.2001-2003 පාලන කාලයේ ඔවුන් විසින් හදුන්වා දුන් වවුචර ක්‍රමය මෙවරද කරලියට පැමින තිබේ.දැන් දරුවන්ට වවුචරය පාසලෙන් ලැබේ.එය රැගෙන කොහේ හෝ කඩයකින් නිල ඇදුම් ලබා ගත යතුය.ප්‍රශ්නය ඇත්තේ මෙම වවුචර සදහා රටේ සෑම දරුවෙකුටම එක හා සමාන ප්‍රමිතියකින් යුත් නිල ඇදුම් ලැබේද යන්නයි.රජයේ පාලනයකින් තොර නිසා රෙදි මීටරයක් සදහා යන වියදම එකක්ම ද යන්න රජයට නිවැරදි අදහසක් වත් නැත.
රජය මගින් නියමිත ප්‍රමිතියට ටෙන්ඩර් මගින් සැපයුම් කරුවන් තෝරා ගත්තා නම් රටේ සියලුම දරුවන්ට එකම ප්‍රමිතියකින් යුත් නිල ඇදුම් ලැබෙන බව අපිට තහවුරුය.එසේම විශාල තොගයක් එක වර මිල දී ගන්නා නිසා රජයට එමගින් වියදම් වන මුදල අවම කර ගත හැක.එසේ සරල කාරණාවන් තිබියදී රජය මේ කරන්නේ කුමක්ද? නිසැකයෙන්ම ඇති නැති පරතරය සූක්ශම ලෙස ගොඩනගන්නටය.මෙමගින් සිදු වන්නේ අද්‍යාපනය දියුණු වීම කෙසේ වෙතත් වලපල්ලට යෑමය.

No comments:

Post a Comment