Tuesday, December 6, 2016

ලෙනින්!

   නැගිටපන් ලෙනින්!
තුන්වන පන්තියේ මහා විප්ලව වාදියා
කම්කරු වීරයා
උඹට ලැජ්ජා නැද්ද
 සාමයේ සැතපෙන්න
උඹේ මග අහුරාපු 
ධනේෂ්වර පන්තිය්
වීදුරු පෙට්ටි තුල
ප්‍රොස්කි හා ප්‍රෞද්වෙස්කි සමගින්
උඹ දිනු විමුක්තිය
මොන තරම් අපූරුද
නැති එකා තවමත් - ඇති වුන්ට කඹුරන
දැන් ඉතිං නැගිටපන්- ඔව් ඉතිං නැගිටපන්
මිත්‍රයා චේ සමග
එකුන් විසි සියවසේ
නිදහස් සටන වෙත!


                                               

No comments:

Post a Comment