පංසලේ හාමුදුරුවො ගමේ වැඩිහිටි කීපදෙනෙක් එක්ක ගෙදරට වැඩිය.වෙලාව රෑ හතත් පහු වෙලා.අපි ඒත් කල්පනා කලේ අවුරුද්දකට සැරයක් පංසලට පූජ කරන වතා දානෙ දවසවත් අමතක වෙලාද කියල.අවුරුදු ගානකින් හාමුදුරු නමක් ගෙදරට වැඩල නැති නිසා පුටුවට එලන්න තියං හිටිය පිරුවටය අල්මාරියෙ අඩියටම ගිහින්.අත දාල ඒක ගොඩට ගනිද්දි විනාඩි දෙක තුනක් හිටගෙනම හාමුදුරුවො කාරණාව කියන්න පටන් අරන්.ඔලුවත් කසල දෙකට තුනට නැමිල සමාව ඉල්ලන මූඩ් එකෙන් මං පිරුවටය පුටුවල එළල හාමුදුරුවන්ට ඉද ගන්න ඉඩ හැදුව.උන්නානසෙ කියන්නෙ ඊලග පෝයට ගෙදර හැමෝම පංසල් එන්න කියල.මොකක්දෝ විශේෂ වැඩක් කෙරෙනවලු.හාමුදුරුවො ඒ කතාව කියද්දි මට කල්පනා උනේ පෝය නිවාඩුවට යාලුවො එක්ක දාගත්තු ට්‍රිප් එක.ෂැහ්!
ගෙදරට ගොඩවෙච්ච වෙද මාම අම්මගෙන් පවුලේ විස්තර අහන් කොලයක් පුරව ගන්න අතරෙ හාමුදුරුවො මගෙන් විස්තර ඇහුව.බිස්නස්, රටේ තත්වෙ ගැන උන්නාන්සෙට මාර දැනුමක්නෙ තියෙන්නෙ.දැක්කම නම් බුදු බණෙන් එහා දෙයක් දැකල නෑ වගේ.හාමුදුරුවො පහු ගිය දවස් ටිකේම දවසට ගෙවල් දහය ගානෙ වැඩල ගමේ අයව පංසලට ගෙන්න ගන්න වැඩේ මහන්සි වෙලා කරගෙන යන ගමන්.මිනිස්සු රස්සා වලට ගියාම දවල් කාලෙ මුණගැහෙන්න අමාරු නිසා රෑ කාලෙ ගෙවල් වලට වැඩල තියෙන්නෙ.
පෝය දවසෙ හාමුදුරුවො කියපු වෙලාවට පංසලට යද්දි ගමේ ගොඩක් අය තම තමන්ගෙ පවුල් වල අයත් එක්ක ඇවිත් හිටිය.අවුරුදු ගානකින් මුණ ගැහිච්ච සමහරු නිසා පංසලේ සද්දෙත් වැඩියි ටිකක්.බණ ශාලාව ලොකු කරල හදන්න යනව කියපු කාලෙ අපි හැමෝම හාමුදුරුවන්ට දොස් කිව්වෙ පෝය දවසට සිල් ගන්න එන විස්සක් තිහක් දාන්න මේ තරම් ලොකු බණ ශාලාවක් මොකටද කියල.ඒත් ගමේ අය එක වෙලාවට පංසලට ආවම අපේ කුණු කතා අහන් ලොකුවට හදල තිබ්බ ශාලාවත් ඉඩ මදි උනා.වැඩිහිටි පිරිස බණ ශාලාවට ඇතුල් කරල තරුණ අය එළි පහලියෙ තියෙන ගස් හෙවනෙන් වාඩි වෙලා බලන් හිටියෙ හාමුදුරුවො කරන්න යන විශේෂ වැඩේ මොකක්ද කියල.කිසි හදිසියක් නැතුව ඇවිත් හිටිය අයව පංච ශීලයෙ පිහිටවල දහම් පාසලේ ලමයි ටිකත් එකතු කරන් බෝධි පූජාවකුත් තියල ඉවර කරල හාමුදුරුවො එකතු කරන් හිටි ගෘහ මූලික ලැයිස්තුව ලකුණු කලේ එක එක්කෙනා නැගිට්ටුවල තහවුරු කරගෙනම.හුග දෙනෙක් ඇවිත් හිටියත් නාපු අයත් ඉන්නව කියල එතනදි තහවුරු කරගන්න පුලුවන් උනා.
හාමුදුරුවො බොහොම සාවධානව දේශනා කරන්න ගත්තෙ බුදු බණට එහා ගිය දෙයක්.
මේක සිංහල බෞද්ධ රටක්.බුද්ධ ධර්මය කප්පරක් කල් රැදෙයි කියල මුතුන් මිත්තො ප්‍රාර්ථනා කරපු රටක්.තමන්ගෙ පණට වඩා උසස් කරල රැක ගත්තු පුණ්‍ය භූමියක්.ඒත් දැන් සිද්දවේගෙන යන වැඩපිලිවෙල නිසා අපට තව දුරටත් බෞද්ධ රටක් ඉතුරු වෙයි කියල හිතන්න අමාරුයි.මේ ගැන බොහොම ගැඹුරින් සාකච්ඡා කරපු අපේ මහා නායක හාමුදුරුවන් වහන්සේල මේ හැමෝටම පොදුවේ පණිවිඩයක් නිකුත් කරල තියෙනව.ඒ අනුව බොහොම වටිනා පිලිවෙලක් හරිගස්සල තියෙයි සම්බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් රැක ගන්න.
මින් මනත එක එක නිකායවල් සාම්ප්‍රදායකව තිබ්බට මුලු රටේම තියෙන පංසල් එක ට එකතු කරන් ඒවයෙන් පිං පිණිස එක් රැස් වෙන මුදල් මේ රටේ දුෂ්කර පලාත් වල තියෙන පංසල් වැඩි දියුණු කරන්නත් ඒ පංසල් ආශ්‍රිත ගම්මාන වල සිංහල බෞද්ධ ජනතාවගෙ සුභසාදනය වැඩි දියුණු කරන්නත් තමයි සූදානම.ඒ නිසා තම තමන්ගෙ ආදායම් වියදම් ගැන හරි හමන් විස්තරයක් මේ ඉස්සරහ ඉන්න අපේ දායක සභාවෙ මහැත්තැන්ලට දීල යනව හොදයි.අපි ඒ පෝරම ටික පුරවල මහනුවරට යවන්න උවමනායි.මේක උඹල රැක ගන්න වැඩක්.ඒ නිසා මේකට තමන්ට පුලුවන් උපරිමයෙන් සහයෝගෙ දෙන්න ඕනෑ.මෙච්චර වැදගත් වැඩකට සහයෝගෙ දෙන්ට බැරි එකෙක් ඉන්නව නම් බණකට දානෙකට පාංසකූලෙට හාමුදුරු නමක් වඩින එකක් නෑ කියලත් මතක් කරන්න ඕනි...හොදයි.අපේ දායක සභාවෙන් නම අඩගහද්දි ඉස්සරහට ඇවිත් තම තමන්ගෙ පවුලෙ විස්තර ඒ අයට දෙමු එහෙනම්.
කාගෙ උනත් මේ වැඩේ නම් හොදයි කියල අපි හැමෝම කතා උනේ.මාසෙකට එක දවසක් හරි ගමේ හැමෝම එක තැනකට එකතු වෙලා කතා බස් කරන එක වටින වැඩක්.හාමුදුරුවො අපිට ගෙවල් වලට යන්න අවසර දුන්නෙ ඔිනිකරන විස්තර ටික ගත්තට පස්සෙ.ඒකත් ඊලග පෝය දවසෙත් හවස නොවරදවාම පංසල් එන පොරොන්දුව පිට.
ගමේ අය ඊලග පෝය දවසෙත් පංසලට ගියේ හාමුදුරුවො කියපු වැඩපිලිවෙල ගැන ඇතිවෙච්ච විශ්වාසෙට වඩා උන්නාන්සෙල අඩු තරමෙ පාංසකූලෙකටවත් වැඩියෙ නැතොත් කියන බයට.ආගමික වතාවත් ඉවර කරල කලින් දවසෙ වගේ ලොකු හාමුදුරුවො රට ජාතිය ගැන ඇග හිරිගඩු පිපෙන විදියෙ කතාවක් කලේ.ඒ මහා ජාතිය අපේම වරදින් නැති වෙලා යන ඉක්මණත් පැහැදිලි කරල දුන්න.මත් පැන්, සිගරට්, අයුතු සම්බන්ධතා, නිසා අපි වලපල්ලට යන විදිය තේරුම් කලේ උදාහරණත් එක්කම.හාමුදුරුවො මේ ගැන කතා කරන්නෙ හරිම ආකර්ෂණීය විදියට.යකෝ කලින් මෙහෙම බණ කිවුව නම් අපි මෙලහට මාර්ග ඵලත් ලබාගෙන.
අපේ මිනිස්සු දියුණු වෙන්න නම් අපේ මුදල් පුලුවන් හැම වෙලාවකම අපේම මිනිස්සුන්ට යන විදියට වැඩ කරන්න කිවුවම නම් නිහඩව අහන් හිටි මිනිස්සුන්ගෙන් නිකන්ම සද්දයක් ආව.ඇත්ත තමයි.සිංහල කඩේකට ගියාම මුදලාලිල කතා කරන්නෙ හරියට අපි බලෙන් බඩු ගෙනියන්න ආව වගේනෙ.මිනිස්සුන්ගෙන් මතු වෙච්ච ඒ කාරණාව ලොකු හාමුදුරුවො කෙලින්ම යොමු කලේ සභාවෙ හිටි කඩ හිමියො ඔක්කොමලව නැගිට්ටුවල එයාලගෙ මූණටම.ඒ වැඩෙන් පස්සෙ නම් අපේ අය හොදින් වැඩේ කරන්න පුරුදු උනා.තේ ටිකක් බොන්නත් මුස්ලිම් කඩේට රිංගපු අපි ටිකක් එහායින් තියෙන සිංහල කඩේට ගිහින් හැලප කාල කහට බොන්න පටන් ගත්ත.
මාස දෙක තුන යද්දි පෝය දවස කියන්නෙ සිංහල මිනිස්සු නොයෙක් දේවල් ගැන දැනුවත් වෙන දවසක් වෙන්න ගත්ත.මේ අතරෙදි වෙච්ච තවත් අරුම පුදුම දෙයක් තමයි ළමයි තුන්දෙනෙක් ඉන්න කිරිබණ්ඩෙ මාමට මාසිකව සහනාධාර මුදලක් අනුමත වෙලා කියන හාමුදුරුවො පෝය දවසකදි දැනුම් දීපු එක.රුපියල් දහ දාහක්.මාසෙ ගානෙම.හැබැයි උන්දැට ගිනි වතුර බොන්න තහනම්.ඒ තමයි කොන්දේසිය.දායක සභාවෙන් ඒ ගැන හොයල බලල ලොකු හාමුදුරුවන්ට හැම මාසෙම දැනුම් දෙන්න ඕනි.වැඩේ සුපිරි.
ලොකු හාමුදුරුවරු පාව්ච්චි කරපු සැප වාහන වෙනුවට සරලව ගමන් පහසුකම් සපය ගන්න වාහනයක් ගන්න තරම් උන්නාන්සෙල නිහතමානී උනේ මේ වැඩසටහනේ ප්‍රථිපලයක් විදියට.අපි හැමවෙලේම සිංහල කඩ හොයන්න ගත්ත.මත් පැන් සිගරට් වලින් ඈත් උනා.රටට ජාතියට වින කටින දේවල් ගැන සාමූහිකව සාකච්චා කරල සාමූහික තීරණ ගන්න උනා.
කොහොමද ඒක.පොඩි චූන් එකක් එනව නේද? ඕක තමයි තම්බින්ගෙ තියරිය.උන්ගෙ ලොක්කො මොකටද කැමතියි කියන්නෙ, මුලු රටේම තම්බි ඒකට කැමතියි.පල්ලිය තමයි උන්ගෙ යාන්ත්‍රෙණ්.අපි අපේ රට ජාතිය වල පල්ලට යනව කියල කොයි තරම් දැගලුවත් වැඩක් නෑ.අවංක. හරියට කෙරෙන වැඩපිලිවෙලක් නැත්නම්.සම්මජ්ජාතියකට අපේ නිකායන් වලට බෙදිල ඉන්න සංඝයා වහන්සේල රට ගැන හිතල එක තැනකට එයි කියල හිතන්න එපා.උන්වහන්සේල කවදාකවත් බෙන්ස් කාර් වලින් මහපොලවට බහින්න කැමති නෑ.ඊනියා සහජීවනේට අවුලක් වෙයි කියල කට අරින්න කැමති නෑ.ඒ අතින් අපේ ගම් වල පංසල් හරි පව්.
සියලු සත්වයෝ නිදුක් වේවා ! නීරෝගී වේවා! සුවපත් වේවා! කියාගෙන නෑසූ කන් ව ඉමු ඉතිං.අපිට තියෙන මහ ජාතිය කියන ලේබලේ තව අවුරුදු විස්සකට කලින් ගැලවුනු දාට හැමෝටම තේරෙයි.අපිව ඒ නරා වලට තල්ලු කරන් යන දේශපාලන අධිකාරියේ සියල්ලන්ටම හෙණ ගෙඩි සදහා අධිපත් කවුරුන් හෝ බලවේගයක් වේ නම්,එහි බැල්ම යහමින් ලැබේවා.