"දරුවගෙ වියෝවෙන් පස්සෙ මගෙ බිරිඳ තීරණය කරනවා ආයෙ දරුවන් ගැන හිතන්නෙ නැතිව ඉන්න..රැකියාව නිසා සතියෙ වැඩ කරන දවස් පහ බෝඩිමක හිටිය එයාට ප්‍රෙග්නන්ට් කාලෙ සියලුම වැඩ තනියම කරගන්න උන එක ගැන දැනිලා තිබ්බෙ අසරණ කමක් හැටියට.."
"ඒ කාලෙ එයාට කන්න බොන්න ඕනි කරපු දේවල් මගේ මට්ටමින් උපරිම දුන්නට එයාගෙ අනිත් යාලුවන්ගෙ, නෑයන්ගෙ මට්ටමත් එක්ක බැලුවම ඒ සියල්ල සුලු දේවල් වගේ එයාට දැනුන බව මම පස්සෙ කාලෙක දැන ගත්තෙ...,"
"ඉතිං එයා හිතුවෙ ආයෙම දරුවෙක් හදන්න නම් කොලඹ ඉඳන් විශේෂ වෛද්‍ය උපදෙස් ගන්න ඕන කියලා...සියලු පහසුකම් කොලඹට ගොනු වෙලා තියෙන නිසා කලින් වගේ අවාසනාවන්ත තත්වයක් ඇති උනත් දරුවා බේර ගන්න අවස්ථාව මහ ගොඩක් කියලා එයා හිතුවා..,"
"බලන් යද්දි එහෙම හිතන එකේ වරදක් නෑ සාවිත්‍රි.දරුවෙක් පිලිසිඳ ගත්තු දවසෙ ඉඳලා ගැහැනියක් කරන කැපවීම, දරාගැනීම වගේ දේවල් එක්ක පිරිමියෙක්ට හැරෙන්නවත් බෑ.. ඇත්තටම මගේ තත්වෙත් එක්ක මට තව දරුවෙක් ගැන හිතලා ඒ වෙනුවෙන් බිරිඳ බලාපොරොත්තු උන දේවල් සම්පූර්ණ කරන්න කිසිම හව් හරණක් තිබ්බෙම නෑ ..."
"එතකොට ඩිලාන් ඔයාලගෙ හීන වලට මොකද උනේ ??"
"මට ඒවා දරාගන්න සිද්ද උනා සාවිත්‍රී..., ණය කන්දක හිරවෙලා හිටිය මට බිරිඳව ගෙදර නතර කරගන්න හැකියාවක් තිබ්බෙ නෑ. එයාගෙ මාසික වැටුපෙන් මගේ උවමනාවකට ගත්තු බැංකු ණයක් පියවෙමින් තිබ්බෙ.."
" ඇත්තටම මගේ වැරදි කලමණාකරණය නිසා මමත් බිරිඳත් නොසෑහෙන විදියට වන්දි ගෙව්වා.. අපේ සතුට, අපේ හීන ඒ වන්දිය වෙනුවෙන් දියවෙලා යද්දි හූල්ල හූල්ල බලන් ඉන්නවා ඇරෙන්න අපිට කරන්න දෙයක් තිබබෙ නෑ.."
"ඒ අසරණකම ගැන දුක් වෙලා එයා අනන්තවත් ඇඬුවා..., ආදරේ කියන කාරණාව මුල් කරන් මම එයාව විවාහ කරගත්තු එකෙන් එයාට ඉතාම සැපවත්, පහසු ජීවිතයක් ගෙවන්න තිබ්බ එක නැති කලා කියන පසුතැවීම මට කිසිම තැනකදි අමතක කරන්න බෑ..."
සල්ලි නිසා මිනිස්සුන්ගෙ ජීවිත මොන තරම් වෙනස් වෙනවද කියන්න ඩිලාන්ගෙ කතාව අහන් හිටපු ඕන කෙනෙක්ට හිතෙන්න ඇති.. , කමර්ශල් බ්රේක් එකකදි කියපු හැටියට සාමාන්‍ය මාසයක උපයන මුදලට අමතරව ඒ මාසය ඇතුලත තවත් රුපියල් ලක්ශයක් උපයන ක්‍රමයක් හොයා ගන්න එයාලට අවුරුදු හතක් උත්සාහ කරන්න වෙලා තිබ්බා..
ඩිප්‍රෙශන් තත්වයකට බෙහෙත් ගත්තත් ඩිලාන් ඉතාම පැහැදිලිව සංයමයෙන් වැඩසටහනට සහභාගී උන විදිය පුදුම සහගතයි.. එයාලගෙ තරුණ කාලෙ නිස්කාරණේ ගෙවිලා නොගියා නම් මේ මනුස්සයාගෙන් මීට වඩා වැඩක් මේ රටටත්, සමාජයටත් වෙන්න තිබ්බා.. එයා ඒ තරම් ම හැම දෙයක් ගැනම විවෘතව බලපු ඉතාම සාරවත් අදහස් තියෙන බුද්ධිමත් කෙනෙක්..
ඩිලාන් ඊලඟට තෝරා ගත් "අපි අසරණ වෙලා වගේ හිතෙට දැනෙනවා.. " ගීතය වාදනය වෙද්දී ඩිලාන්ලා කොයි තරම් අසරණව ඉන්නට ඇත්දැයි මම කල්පනා කලෙමි...
"ඔයාලා කොහොමද ඒ දැනුන පීඩනය කලමණාකරණය කර ගත්තෙ එතකොට?"
"පීඩනය කලමණාකරණය කරන එක කොහොම උනත් අපි දෙන්නම කලේ අපේ ආසාවල්, අවශ්‍යතාවල් සීමා කරපු එක සාවිත්‍රී..."
"සමහර අවුරුදු වල අපි දෙන්නගෙන් කෙනෙක් වත් අලුත් ඇඳුමක් අරන් නෑ.. නමුත් අපි අපේ දේවල් සීමා කරගෙන උනත් අපෙන් අනිත් අයට වෙන්න තිබ්බ යුතුකම් පුළුවන් උපරිමයෙන් ඉශ්ඨ කලා.."
"අපි දෙන්නා එක්ක මාසිකව සැලකිය යුතු මුදලක් උපයා ගන්න පුළුවන් රැකියාවල් කරලත්, සමහර දේවල් අපි මග අරිද්දි යාලුවො උනත් හිතන්න ඇති අපි මහා ලෝභයො කියලා.. "
"නමුත් ඇත්ත තත්වය ඊට වඩා හුඟාක් වෙනස්.. අපිට තිබ්බ ප්‍රශ්න ලෝකෙට කෑ ගහලා කියලා ලබා ගන්න දෙයක් තිබුණේ නෑ... "
"අපි අමාරුවෙන් උනත් ඒවා විඳ දරාගත්තා...හැබැයි හැම වෙලේම අපි උත්සාහ කලේ, සැලසුම් කලේ, මේ පීඩනයෙන් ගැලවෙන ක්‍රමයක් ගැන..තව දුරටත් ණය නොවී ඒ වෙද්දි උපයපු මුදලට වඩා අමතර මුදලක් හොයාගන්න එක ගැන..., ඒ ගැලවීමේ පලවෙනි අඩිය තියන්න අපිට අවුරුදු හතක් උත්සාහ කරන්න උනා.."
"අපේ එකම හීනය උනේ කවදාම හරි දවසක අපි මේ සියලු භාදක ජය ගන්නවා කියන එක.. ඒ වෙනුවෙන් මොන තරම් හිත කලකිරවන වැඩ සිද්ද උනත් ඉවසීමෙන් උත්සාහ කරන්න අපේ හිත් හයිය උනා.."
"සැමියන්ගෙ ආර්ථික ප්‍රශ්න නිසා දුක් උන බිරින්ඳෑවරු ඒක මූලික කරන් ඇති කරගත්තු හිත් අමනාපක, පවුල් ප්‍රශ්න එක්ක බලද්දි අපි දෙන්නට තිබ්බ සංයමය සහ දෙන්නට දෙන්නා අතර තිබ්බ අවබෝධය කොයි තරම් දෙයක් ද කියලා මට සතුටක් එනවා.. සිද්ධ උන බොහෝ අඩුපාඩු වලට සෘජු වගකිවයුත්තා මම නිසා අහම්බෙන් හරි බිරිඳගෙන් පිට උන හිත රිදෙන වචන වලට මම දුක් උනේ නෑ..මට පුළුවන් උපරිමයෙන් මං ඇයට ආදරේ කලා... ආදරේ දැනෙන්න දුන්නා..."
"එයා මං වෙනුවෙන් කල කැපකිරීම් වෙනුවෙන් මට එයාට දෙන්න තිබ්බෙ ආදරේ විතරයි සාවිත්‍රී.."
"මනුස්සෙක්ට ලැබෙන්න ඕනි මගේ බිරිඳ වගේ ගැහැනියක්. ඒ වගේ සහකාරියක්... මහ මෙරක් වගේ සියල්ල දරාගන්න කෙනෙක්.. "
"මුලු ලෝකෙන් ම මාව ප්‍රතික්ශේප වෙද්දිත් මං වෙනුවෙන් හිට ගන්න කෙනෙක් ඉන්න බව දන්න නිසා ප්‍රශ්න වලට මූණ දෙන්න, ප්‍රතික්ශේප වෙන්න මම බය උනේ නෑ...ඒ හයිය නිසාම මට කල් ගත වෙලා හරි සියල්ල විසඳගන්න පුලුවන් උනා මිසක් ඇය ත් ප්‍රශ්න ඇති කලා නම් මේ වෙද්දි මම සියදිවි හානි කරන් ලොකු කාලයක් ගත වෙන්න තිබ්බා..."
ඩිලාන්ගේ කතාව අහන් ඉද්දි මට ඩිලාන් ගැන පුදුම තරමේ අනුකම්පාවක්, ගෞරවයක් ඇති උනේ.. මිනිහෙක්ට මේ තරම් දේවල් දරාගෙන ඉන්න පුලුවන්ද....,
No comments:
Post a Comment