Monday, August 5, 2019

ඒ අතීතය


මං....... සීතලට, මීදුමට ආස බව එයා හොදින්ම දැනන් හිටිය.

සුන්දර කදු වලල්ලක් පාමුල හිටි එයාට හැමදාම වගේ ඒ දේවල් අත් දකින්න පුලුවන් උනාට, එතැනට අයිති නැති එයත්, ඈතක හිටි මමත්, මීදුම- සීතල එක්ක දැනෙන හැගීමට ලෝබ කලා..

ලෙක්චර්ස් ඉවර වෙලා හොස්ටල් ආවම, හවසට තේ කෝප්පෙත් අරන් බැල්කනියට ඇවිත් කෝල් කරන එක එයාගෙ පුරුද්දක්.ඒ වෙලාවට මං වැඩක් දාගත්තොත් ඔන්න ඉතිං තරහයි.රෑ වෙලා තමයි ආයෙ කතා කරන්නෙ."සීතලයි අනේ.. ජර්සියත් දාගත්තා" කියල නෑසුනා නම් ඒ දවස් අතලොස්සක විතරයි.වලාකුලු වගේ මීදුම ඇවිත් හැමදේම වහ ගන්න එක ගැන එයා කියද්දි මං ඒ චිත්‍රය හිතින් මවාගෙන රස වින්ද.

අපි දෙන්නම මීදුමෙන් පිරුණු කදු වලට ආදරෙයි...



මොන දේ කරන්නත් කලින් ඒ ගැන මට කියන එක එයාගෙ පුරුද්දක්. සමහර දවසට අපි වීඩියෝ කොල් ගන්නව.කාලයක් මං ඔපිස් ගිහින් කරපු පලවෙනි වැඩේ ඒක.ලග හිටි ටෙඩියො ටික වට කරන් එයා මට ඒ අය ගැන විස්තර කියනව.අන්තිමට... හොස්ටල් එකේ හිටි බලු කුක්කවත් මං අදුනනව.

දවස තිස්සෙ මූණ දෙන්න සිද්ද වුනු දේවල් මං කියවද්දි එයා සාවධානව අහන් ඉදල පැහිච්ච ආච්චියෙක් වගේ උපදෙස් දෙනව.එයාගෙ ලස්සන පොටෝ එකක් ගත්තම මුලින්ම එවුවෙ මට.එහෙම එවපු පිංතූර ගොන්නක් පරිස්සමට අරන් තියල තවමත් ඇති.

උපාධීය ගන්න මාස කීපයක් ඉතුරු වෙලා තියෙද්දි  බැජ් එකේ ලමෙක් එයා ගැන උනන්දුයි කියල කිවුවෙත් තේ විරාමයකදි..ඒව හරි සාමාන්‍ය නිසා මට කියන්න දෙයක් තිබුණෙ නෑ.ගැලවීමක් නැති තැන එයා මගේ අංකය අර පිරිමි ලමයට දීල තිබුණ.කතා කල වෙලේ මං කියෙව්වෙ එයාගෙ පිස්සු වැඩ ගැන.පොඩි දරුවො වගේ දුක හිතන එක ගැන.


ඒ ඇමතුමට දැන් අවුරුදු ගානක් ගිහින්.. එයා මගේ අංකෙ අර ලමයට දෙන්න ඇත්තෙ වෙන අදහසකට..

දැනුයි මට කල්පනා වෙන්නෙ.....