Wednesday, December 14, 2016


දේශපාලනයෙන් තොරව ලියන්නට දෙයක් එන්නෙ බොහොම කලාතුරකිනි.ඒ තරමටම අපේ රටේ දේශපාලනය මිනිස් ජීවිත උඩ පිළිලයක් වී ඇත.අපි මේ යන්නේ වැරදි පාරකය.කිසිවෙකුත් වගේ වගක් නැතිව ඒ පාරේ යමින් සිටිති.නැතිනම් ඔවුන් ඒ මාර්ගයේ යෑමට පොළඹවා ඇත.දැන් අලුත්ම මාතෘකාව බවට හම්බන්තොට වරාය පත් වී ඇත.ඒ එහි පතුලේ ඇතැයි කියූ ගල නිසා නොව සේවක උද්ඝෙෂෙනයකට සිදු වූ නාවුක හමුදා පහර දීමක් නිසාවෙනි.සේවකයන් උද්ගෝෂනය කලේ තමන්ගේ රැකියා සුරක්ෂිත කර දෙන්නැයි ආණ්ඩුවට බල කරන්නටය.කවුරුත් එසේ රැකියා අස්ථාවර වී ඇත්තේ මන්දැයි සොයා නොබලයි.ප්‍රශ්නය ඇත්තේ එතැනය.මේ රජය බලයට පැමිණියේ රටේ වත්කම් කිසි ලෙසකින් වත් පෞද්ගලීකරණය කරන්නේ නැති බව දිව්රා පොරොන්දු වීමෙනි.එහෙත් මේ වන විට රජයේ ව්‍යාපාර පාඩු ලබන බවත් එය විසදා ගැනීමට නම් එම ආයතන පෞද්ගලික අංශයට විකුණා (රජය අර්ථ දක්වන ආකාරයට බදු දීම) දැමිය යුතුය යන තීරණයට එළඹීමට තරම් රජය අත්තනෝමතික වී ඇත.හම්බන්තොට වරාය යනු ඉතා විශාල හැකියාවක් සහිත ආර්ථික වත්කමකි.එය ණය පියවා ගැනීම ට අවශ්‍ය ඩොලර් බිලියන 1.1 ක් වෙනුවෙන් වසර 99කට බදු දීමට තරම් රජය ඔල මොට්ටල වී ඇත්තේ නොදැනුවත් කමින් නොව වෙනත් උගුලක් නිසාවෙන් විය යුතුය.එසේම රනිල් සතුව ඇතෙයි කියූ අන්තර්ජතික සම්බන්ධතා යනු පුස්සක් බව ඔප්පු කරන්නට  මේ කරුණ සමත් වී ඇත.රනිල් ඒ තරම් විදේශ මිතුරු සම්බන්දතා සහිත පුද්ගලයෙක් නම් ඒ මිතුරුකම් ප්‍රයෝජනයට ගෙන රටේ ණය ප්‍රශ්නය විසද ගන්නට තිබුණි.නමුත් රනිල් විශ්වාස කරන බටහිර බලවතුන් අපිට උදව් කරන වාතාවරණයක නැති බව මහින්දගේ කදවුරෙන් නැගුනු චෝදනාව සත්‍ය වී හමාරය.අපට ඇත්තේ නව ආර්ථික බලවතුන්ගේ සහයෙන් අප බලාපොරොත්තු වන ගමන යෑමය.තවදුරටත් බටහිර යනු සංකල්පමය බලවතුන් මිස ආර්ථික ප්‍රබලයන් නොවේ.ඉතිං අපි වරාය විකුණා ඩොලර් බිලියන 1.1 සොයාගනිමු.මේ ඩොලර් බිලියනය නිසා අපි තවත් වසර 99ක් කටු කෑ යුතුය.අපේ ආර්ථිකයට  ඩොලර් බිලියන සිය ගණනක් ලැබෙන්නට තිබුණ තැන අපේ රජය ඩොලර් බිලියනයක් වෙනුවෙන් බිල්ලට දී ඇත.
      ප්‍රශ්නය ඇත්තේ වෙනත් තැනකය.ලබා ගන්නා ඩොලර් බිලියනයෙන් අපේ රටේ ණය සියල්ල පියවෙන්නේ නැත.මේ ගෙවිය යුතු ණය වාරික එකක් හෝ කිහිපයක් පමණකි.එවිට තවත් මාස කීපයකින් හෝ ඊලග වසරේදී ණය වාරික ගෙවීම සදහා රජය විකුණන්නට බලාපොරොත්තු වන්නේ කුමක්ද? වරාය බදු දීම හෝ විකිණීම පිටුපස වෙනත් කතාවක් ඇතැයි සිතන්නට සාධාරණ සැකයක් ඇති වන්නේ මේ හේතුව නිසාය.අමාත්‍යංශ වල කුලී හා ඇමති වරුන්ගේ සුඛ විහරණය වෙනුවෙන් අසීමිත ලෙස මුදල් වියදම් කරන රටක මේ සැලසුම් රටේ අනාගතය සුරක්ෂිත කර ගන්නට නොවන වග ස්ථිරය.මේ සියල්ල දේශපාලන ගනු දෙනුවකි.වරාය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි එහි නිර්මාතෘ හිටපු ජනාධිපති වරයා වරාය ගනුදෙනුව ගැන කිසිදු විරෝධයක් නැත.ඔහු නියෝජනය කරන විපක්ෂය හීන් කෙදිරියක් පමණක් නගමින් සිට සියල්ල හමාර වූ තැන නිශ්ශබ්ද වනු ඇත.බැලූ බැල්මට ම රටට අහිතකර තීරණයක් වෙනුවෙන් හඩක් නොනගන්නට නම් අත් යට ගනු දෙනු පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සිදු විය යුතුය.
                 හිටපු ජනාධිපති වරයා බලයේ සිටියදී සිදු කල යුතුව තිබූ අත්‍යවශ්‍ය සමාජ හා දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු නොකර ඔහු වෙනුවෙන් විශ්වාසය තබා තිබූ අහින්සක ජනතාව පාවා දුන්නේය.පැරදුනු පසු හෝ බලයට පති වූ කුමන්ත්‍රණ කරුවන්ගේ උගුලෙන් රට සාධනීය දිශාවකට යොමු කරන්නට කැප වෙතැයි සිතූ ජනතාවද පාවා දී ඇත.රට වැසියන්ට ඇමතීමට හැකි අය එසේ තමන්ගේ වැඩක් බලාගෙන නෑසු කන්ව සිටීමෙන් මේ රට ඉදිරියට යන්නට උපකාරයක් වන්නේ නැත.රටට වන හතුරු කම් නවතින්නේ ද නැත.කලාපීය හා ගෝලීය දේශපාලනයේ දඩ බිමක් පමණක් වන්නට අපට හැකියාව ඇත.ඇති හැකි මිනිස්සු මේ රට අතහැර වෙනත් රට වල පදිංචි කාරයන් වනු ඇත.අපි, ඔඩු දුවන අන්‍යාගමික වහල්කරණයෙන් හා ජාතිවාදයෙන් බැට කමින් මේ රටේම මියැදෙනු ඇත.මේ සියල්ල වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ රටට අවංක නැවත බලයක් ගැන නොසිතන සෘජු නායකයෙක් පමණය.මෛත්‍රී හෝ රනිල් වත් මහින්ද හෝ සජිත් වත් ඒ සදහා සුදානම් නැති බව දිගින් දිගටම ඔප්පු කර හමාරය.එවැන්නතු දේශපාලන කරලිය තුල සිටින බව වත් විශ්වාසයක් නැත.නැව ගිලෙන බව දැන දැනත් තට්ටුව උඩ කා කොටා ගනිමින් සිටින්නට පමණක් අපට ඉතිරි වී ඇත.

Wednesday, December 7, 2016

උන්මත්තක අදහස්


අපේ රටේ අයට කන්නට ඇත්නම් ඕනෑම කබරයෙක් තලගොයෙක් කරගන්නට ගත වෙන්නේ නිමේශයකි.එජාප රජයන්ට පාසල් දරුවන්ගේ නිල ඇදුම් පිලිබදව ඇත්තේද එවැනි ප්‍රතිපත්තියකි.2001-2003 පාලන කාලයේ ඔවුන් විසින් හදුන්වා දුන් වවුචර ක්‍රමය මෙවරද කරලියට පැමින තිබේ.දැන් දරුවන්ට වවුචරය පාසලෙන් ලැබේ.එය රැගෙන කොහේ හෝ කඩයකින් නිල ඇදුම් ලබා ගත යතුය.ප්‍රශ්නය ඇත්තේ මෙම වවුචර සදහා රටේ සෑම දරුවෙකුටම එක හා සමාන ප්‍රමිතියකින් යුත් නිල ඇදුම් ලැබේද යන්නයි.රජයේ පාලනයකින් තොර නිසා රෙදි මීටරයක් සදහා යන වියදම එකක්ම ද යන්න රජයට නිවැරදි අදහසක් වත් නැත.
රජය මගින් නියමිත ප්‍රමිතියට ටෙන්ඩර් මගින් සැපයුම් කරුවන් තෝරා ගත්තා නම් රටේ සියලුම දරුවන්ට එකම ප්‍රමිතියකින් යුත් නිල ඇදුම් ලැබෙන බව අපිට තහවුරුය.එසේම විශාල තොගයක් එක වර මිල දී ගන්නා නිසා රජයට එමගින් වියදම් වන මුදල අවම කර ගත හැක.එසේ සරල කාරණාවන් තිබියදී රජය මේ කරන්නේ කුමක්ද? නිසැකයෙන්ම ඇති නැති පරතරය සූක්ශම ලෙස ගොඩනගන්නටය.මෙමගින් සිදු වන්නේ අද්‍යාපනය දියුණු වීම කෙසේ වෙතත් වලපල්ලට යෑමය.

Tuesday, December 6, 2016

ලෙනින්!

   නැගිටපන් ලෙනින්!
තුන්වන පන්තියේ මහා විප්ලව වාදියා
කම්කරු වීරයා
උඹට ලැජ්ජා නැද්ද
 සාමයේ සැතපෙන්න
උඹේ මග අහුරාපු 
ධනේෂ්වර පන්තිය්
වීදුරු පෙට්ටි තුල
ප්‍රොස්කි හා ප්‍රෞද්වෙස්කි සමගින්
උඹ දිනු විමුක්තිය
මොන තරම් අපූරුද
නැති එකා තවමත් - ඇති වුන්ට කඹුරන
දැන් ඉතිං නැගිටපන්- ඔව් ඉතිං නැගිටපන්
මිත්‍රයා චේ සමග
එකුන් විසි සියවසේ
නිදහස් සටන වෙත!


                                               

Sunday, October 9, 2016

life quates


never judge the people by seen their behavior or some thing.judge them after you hear both stories of one thing has.everything have two sides of it like a coin.you just cant see the thruth before you see it.


two people can see same thing in different ways.thats the nature.if you stick with what you see, you must have enough to prove it.othervice you have to accept what others see also.


newtons low which is avery action has reaction is completely set for our lifes.if you do something bad you have to suffer one day in your life time.if you do something good, the result is same and will come to you one day.the same theory said by the loard buddha even 2500 years ago.

අපි දැන් වත් ෙවනස් විය යුතුය

ලංකාෙව් අධ්‍යාපන ක්‍රමය ෙවනස් විය යුතුය.ඒ් කියන්ෙන් අෙප් දූ දරුවන් මීට වඩා ජීවන කුසලතා අතින් ඉදිරියට යා යුතුය.ලංකාෙව් දරුවන් වැඩි පිරිසක් සාමාන්‍ය ෙපළ ෙහා් උසස් ෙපළ අසමත් වීෙමන් පසු යන ඒන මං නැතිව අපා දුක් විදිති.ඒයිනුත් ෙබාෙහා් අය දැඩි මානසික පීඩනයකට ලක් ෙවති.ෙම්වාට විසදුම වන්ෙන් දරුවන් විභාග ඉලක්ක කර ගත් අධ්‍යාපන ක්‍රමයකට ෙයාමු ෙනාකර ඔවුන්ෙග් හැකියාවන් වර්ධනය කිරීෙම් මගක් අැති කිරීමය.ප්‍රාථමික අධ්‍යාපෙය් තරගකාරීත්වය නැති කර 1 වසෙර් සිට 4 වසර දක්වා දරුවන් ට අමතර පන්ති පැවැත්වීම තහනම් කල යුතුය.ඒෙස්ම ඒම කාලය තුල පාසල් අධ්‍යාපනය නිසි අාකාරෙයන් රෙට් සෑම දරුෙවකුටම ලැෙබන බව තහවුරු කල යුතුය.5 වසර ශිෂ්‍යත්වය ෙමකී ලිහිල් තත්වයන් යටෙත් පැවැත්වීම වරදක් ෙනාෙව්.නමුත් ඉන් සමත් වීම ෙහා් අසමත් වීම දරුවන්ෙග් දැවැන්ත හැරවුමක් ෙනාවීමට වග බලා ගත යුතුය.6 වසර සාමාන්‍ය ඉගැන්වීම් වසරක් බවට පත් කර 7 වසර ගැහැණු පිරිමි ෙභ්දයකින් ෙතාරව වසෙර් වාර තුන තුල ලී වැඩ ෙලා්හ වැඩ හා ෙසෟන්දර්ය කටයුතු සදහා පමණක් ෙවන් කල යුතුය.ඉන් පසුව 8 වසෙර් සිට ඒක් ඒක් දරුවාට ඉහත දැක්වූ විශයන්ෙගන් ඒකක් වැඩිදුර ඉෙගනීමට පහසුකම් සලසා දිනෙය් මුල් කාල පර්ඡ්ෙඡ්ද 5 ඉංග්‍රීසි හා අෙනකුත් භාෂාවන් ගණිතය විද්‍යාව සාහිත්‍ය ඉතිහාසය හා ෙලා්කෙය් ෙතාරතුරු අධ්‍යනය සදහා ෙවන් කර ඉතිරි ෙව්ලාව තමන් ෙතා්රා ගත් විශය වැඩි දුර හැදෑරීමට ඉඩ දිය යුතුය. දරුවන් වඩා විචක්ෂණ ශීලීව සිතන වයස වන 15 ෙහා් 16 වන විට රෙට් භාවිතා වන ප්‍රධාන අාගම් හා ඒ්වාෙය් ඉගැන්වීම් පිළිබදව  මධ්‍යස්ථව ඉගැන්විය යුතුය.ඒවිට අනාගතෙය්දී  ජාතීන් වශෙයන් ෙවන් කරමින් ඒක් ඒක් කණ්ඩායම් වලට මිනිසුන්ෙගන් පහත් ෙද්ශපාලනික අරමුණු ඉටු කර ගැනීමට ෙනාහැකි වනු අැත.