Thursday, April 25, 2019

හදිසියෙන් ආ ඒ වසන්තය

එරබදු මලුත් පරවුනු
කැවුම් අතිරහ සුවද අවසන
හදිසියෙන් ආ ඒ වසන්තය

මල් දෙවැට අභියස
වැව් පිටිය ගං දෑල නැතුවට
සෙනෙහෙ හමු විය එක් සැදෑවක

මහා ගිනි කප්පරක් උඩ
කදුලු දුක තනිරැක්ක හිත
ඇසිල්ලක සැනහුමක් ලැබුමට