Monday, May 20, 2019

නාඩන් මත්තල


පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ලංකාවේ සංචාරක කර්මාන්තය නැත්තටම නැති වී ඇති බව රහසක් නොවේ.ලෝකයේ බොහෝ සංචාරක දර්ශක වල 2019 වසර වෙනුවෙන් නිකුත් කල සංචාරය කල යුතුම රටවල ලැයිස්තුවේ පෙරමුණ ගන්නට ලංකාවට හැකි උනිද අප්‍රේල් මස අවසානයේදී සිදු වූ අවාසනාවන්ත ප්‍රහාරය නිසා මේ වන විට සංචාරක හෝටල් පාලුවට ගොස් ඇත.සංචාරක කර්මාන්තය ආශ්‍රිත තම ජීවිකාව සපයා ගත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට තමන්ගේ ආදායම් අහිමිව ගොස් ඇත.

ප්‍රහාර මාලාවේ ප්‍රධාන ඉලක්කයන් වූයේ කොළඹ හා මීගමුව ආශ්‍රිත ප්‍රදේශයයි.අධික ජන ඝනත්වය හා විවිධ ජාතීන්ට අයත් ජන කොටස් මිශ්‍රව වාසය කරන නිසාවෙන් එම ප්‍රදේශ වල තව දුරටත් ආරක්ෂාව 100%ක් සහතික කල යුතුව ඇත.ආරක්ෂාව අවම තැනකට විදේශිකයන් නොපැමිණෙන බව පුදුමයක් නොවේ.නමුත් සංචාරය පිණිස මෙරටට පැමිණෙන අති බහුතරයක් පැමිණෙන්නෙ කොළඹ නගරය තුල සංචාරය කිරීමට නොව ලංකාවේ ස්වාභාවික සෞන්දර්යය විදීමටය.ඔවුන් යන්නේ දකුණු වෙරල තීරය, යාල හා උඩවලව වනෝද්‍යාන, ආරුගම්බේ, මහනුවර, සීගිරිය, අනුරාධපුර පොලොන්නරුව ආදී ස්ථාන වෙතය.

සෑම අදුරු වලාවකම රිදී රේඛාවක් ඇති බව පැරණි කියමනක සදහන් වී ඇත.අකලට මෙහෙයුම් කටයුතු සිදු වන මත්තල ගුවන් තොටුපලින් මේ අවස්ථාවේ මහගු ඵල ලබා ගත හැකි අවස්ථාවක් උදා වී ඇත.සංචාරකයන් බහුතරයක් පැමිණෙන යුරෝපයේ සිට මත්තල වෙත ශ්‍රී ලංකන් සමාගම හරහා සෘජු ගුවන් ගමන් ප්‍රවර්ධනය කර තදබදයෙන් පිරි කොළඹ නගරය මගහැර සැනෙන් සංචාරක ගමනාන්තයට ලගා කරවීමේ වැඩපිලිවෙලක් ආරම්භ කල හැක.මත්තල වෙත පැමිණෙන යානා වල සිටින කොළඹ නගරය වෙත යා යුතු මගීන් වේ නම් නියමිත කාලසටහනකට අනුව  යම් සහනදායී මිලකට ගුවන් හමුදාව මගින් රත්මලාන වෙත ගුවනින් ප්‍රවාහනය කල හැක.මෙම දුෂ්කර කාලසීමාවේදී මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් අයකරගනු ලබන ගුවන්තොටුපල ගාස්තු හා වෙනත් ගාස්තු වේ නම් ඒවා ඉවත් කිරීම හෝ සැලකිය යුතු මට්ටමකින් පහත හෙලිය හැක.

ගුවන් යානා පැමිණීමෙන් පසු ශ්‍රී ලංගමය යටතේ ඇති පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුලුවේ පහසුව වෙනුවෙන් මෙරටට ගෙන්වූ සුඛෝපභෝගී බස් රථ යොදා ගනිමින් නිශ්චිත ගමනාන්ත වෙත (උදාහරණ ලෙස ගාල්ල,හික්කඩුව, ඇල්ල ආදී ප්‍රදේශ) බස් සේවා සැපයිය හැක. මත්තල ආශ්‍රිත ප්‍රදේශ වල ජීවත් වන බහුතර සිංහල ජනතාව නිසා ආරක්ෂක විධි විධාන තර කිරීමේ ගැටලුවක් ඇති නොවේ.ආරම්භයේදී සංචාරකයින්ගේ නවාතැන් සදහාද ප්‍රමාණවත් තරම් හෝටල් කාමර ප්‍රමාණයක් දකුණු වෙරල තීරය තුලත් උඩවලව හා ඇල්ල ආශ්‍රිත ප්‍රදේශ වලත් පිහිටා ඇති නිසා ව්‍යාපෘතිය අසාර්ථක වීමේ තර්ජනයක් නැත.

සාම්ප්‍රදායිකව ආරක්ෂාව තහවුරු බව ලෝකයට ඒත්තු ගන්වා සංචාරක කර්මාන්තය ගොඩ නැගීමට මිඩංගු කල හැකි කාලයක් අපට නැත.ලෝකයේ තවත් බොහොමයක් රටවල් අපට සිදුවූ අවාසනාවන්ත තත්වයෙන් වාසි ලබා ගැනීමට කටයුතු කරමින් ඇත.ඉදින් මත්තල අප ගලවා ගැනීමේ දොරටුවයි..

9 comments:

  1. කුරුල්ලෝ ගුවන් යානා වල වැදුණු විට සිදු වන්නේ මොකද කියල බලන්න.

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=58BQZXkeGN0 මේක බලන්න.කුරුල්ලන් තව දුරටත් හේතුවක් නොවේ

      Delete
  2. Good thinking but, it is a day dream to expect such an innovation from this weak infighting govt. They are only trying to postpone the inevitable election defeat.

    ReplyDelete
    Replies
    1. yes.we cant expect something good from this gov.but we can suggest!

      Delete
  3. මල්ලිට වයස කීයද? ශ්‍රී ලංකන් එක යුරෝපයේ ඇතැම් ගමනාන්ත පවා නතර කරා පාඩු නිසා. මීට කලිනුත් කටුනායක ඉදං යන ශ්‍රී ලංකන් ගුවන්නැව් මත්තල හරහා ආව ගියා. හැබැයි බලු බල්ලෙක් මත්තලින් නැංගේ බැස්සේ නෑ.

    කටුනායක ඉදං හයිවේ එකේ යන්න පුළුවන් දකුණට යන කෙනෙක්ට ලේසියෙන්. දැනට නං කඩවතින් ගියහැකි. කෙරවලපිටිය මාර්ගය විවෘත කරාම කටුනායක ඉදන්ම ගියහැකි හයිවේ එකේ.

    මත්තලට ආපු අනෙකුත් ගුවන් සමාගම් පවා නතර කරේ පාඩු නිසා.
    සංචාරක කර්මාන්තය ගැන මොනාද දන්නේ? ඔහේ හිතට එන දේවල් ටිකක් ලියලා ඊට පස්සේ ආණ්ඩුවට පලු යන්න බයිනවා මෙහෙම කරන්නේ නෑ, අරහෙම කරන්නේ නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. මට වයස 31ක්! සහ ගුවන්තොටුපල හා මෙහෙයුම් පිලිබද ඩිප්ලෝමාධාරියෙක්. යුරෝපයේ ගමනාන්ත නතර කලේ පාඩු නිසා නෙවෙයි.යුරෝපයේ වින්ටර් එකයි සමර් එකයි පටලවාගත්තු නිසා.අපට වැඩියෙන්ම සංචාරකයො එන්නෙ මොන රටෙන්ද කියල දැනගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි.ඒ වැඩිපුරම එන රටවලට සෘජු හා ලාභදායී ගුවන් ගමන් ක්‍රියාත්මක කර ලාභ ලබන්න පුලුවන් කියන එකත් ඉතාම සරල කාරණාවක්.මත්තල ගුවන්තොටුපල තිබ්බට එතිනින් එලියට එන කෙනෙක්ට තමන්ගෙ ගමනාන්ත වලට යන්න පහසුකම් හදල නෑ.එතනයි වරද.මුල් කාලෙ ලංගම බස් දෙකක් දිව්ව.දැන් නම් ඒකත් නැද්ද කොහෙද.නමුත් කිසිම කෙනෙක් නැග්ගෙ බැස්සෙ නෑ කියන්න බෑ.ෆ්ලයි ඩුබායි ආව දවස් වල සතියට මගීන් 250-300ක් හැසිරෙව්ව. මගේ අදහස මේකයි.. සංචාරකයො මේ රටට ගෙඩබැහැපු වෙලේ ඉදන් මුර කපොලු,පරීක්ෂාකිරීම් ආදිය දැක්කම එයාලට හිතෙනව මේක තවමත් ආරක්ෂිත නෑ කියල.ඒ වගෙම මීගමුව කියන්නෙ ප්‍රහාර එල්ලුුවුනු තැනක්.ඉතිං එහෙම තැනකට එන්න මිනිස්සු අදිමදි කරනව කියන එක සරලයි නෙ.ඒ හැම අපහසුතාවයක්ම මගහරවගෙන තත්වය ස්ථාවර වෙනකන් දැනට වැඩි පාවිච්චියට නොගන්න මත්තලින් වැඩක් ගන්න පුලුවන්.ඒ වෙනුවෙන් ජාත්‍යන්තරයේ හොද ප්‍රචාරණ වැඩපිලිවෙලක් එක්ක මූලික පහසුකම් ඇති කරන්න කියන එකයි මගේ යෝජනාව.කටුනායකින් බැහැල හයිවේ එක දිගේ ඇවිත් ආයෙම කඩවතින් දක්ෂින අධිවේගයට දාල යාල, උඩවලව,මිරිස්ස හෝ ඇල්ල ප්‍රදේශවලට යනවට වඩා මත්තලින් බැහැල යන එක ලේසියි.

      Delete
    2. ඩිප්ලෝමා එකක් තියං ලොරි ටෝක්ස් දෙන්න එපා පුතේ. සංචාරක කර්මාන්තය කියන්නේ ඔහොම උඩින් ගිහිං තැන් තැන්වලට අත්හරින එක නෙමේ. දැන් කම්මැලි මේක පැහැදිලි කරන්න. පැහැදිලි නොකරත් කමක් නෑ, මොකද කිෂූ ගෝමස් වගේ අය දන්නවා මොනාද කරන්න ඕනි කියලා. ඔයා මොනා ලිව්වත් ගනන් ගන්නා කෙනෙක් නෑ ඒ නිසා.

      Delete
    3. අම්මෝ ලොරි ටෝක් නෙවෙයි.මේ හැමතැනම තියෙන්නෙ මගේ අදහස විතරයි.ඒක කරනවද නැද්ද තියා මේ ලියවිල්ලවත් අදාල අය දකින එකක් නෑ.අපිට කරන්න පුලුවන් වෙන්නෙ අදහසක් කියන එක.ඒ වගේ අදහස් දහස් ගානක් එකතු උනාම හොදම ප්‍රථිඵලය ගන්න ලේසියි.අවශ්‍ය වෙන්නෙ නැත්තටම නැති වෙලා තියෙන සංචාරක කර්මාන්තයත් ඒ ආශ්‍රිත එදා වේල හොයාගත්තු මිනිස්සුන්ට ආයෙමත් යහපත් ආදායමක් ඇති වෙන විදියෙ ඉක්මන් සංචාරක ආකර්ශන ක්‍රමවේදයක් නෙ.අදාල තනතුරු වල ඉන්න අය ඒ වෙනුවෙන් ප්‍රමාණවත් තරම් දේවල් කරල රටේ දැනට තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගනියි කියල බලන් ඉමු.

      Delete
  4. අනේ බං, ලංකාව කියන්නේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට ඩොටයක්. ඒකේ කොළඹ පුපුරනවද, යාපනේ පුපුරනවද කියලා නෙවෙයි ලංකාවේ මෙහෙමයි කියලයි ඒ රටවල මිනිස්සුන්ට දැනෙන්නේ. අර දකුණ කියන්නේ වෙනම රාජ්‍යයක් කියලා හිතන් ඉන්න මිනිස්සුන්ට නම් ආ කොළඹ තමයි කචල්, හම්බන්තොටට එන්න කියලා විකාර කියවන්න පුළුවන්. අනික මත්තලට ඇවිල්ලා මොකද බෙලිඅත්ත බස් ස්ටෑන්ඩ් එකේ උඩ හෝටලේ බලන්න කියලද?

    ReplyDelete