Sunday, January 22, 2023

ජාජබ

 පවත්වන්නට නියමිත පලාත් පාලන මැතිවරණය ගැන බොහෝ තැන් වල සැක මුසු බැල්මක් පවතිද්දී මට හිතෙන්නේම මේක අවසන් පලාත් පාලන මැතිවරණයේ දිගුවක් ලෙසය.එවක රජයේ අත්තනෝමතික ක්‍රියා නිසා අපහසුතාවයට පත් උනු ජනතාවගේ මනස තමන්ට ඕනෑ ලෙස වෙනස් කරගන්නට පොහොට්ටුවේ න්‍යායාචාර්‍ය වරුන්ට වැඩි මහන්සියක් ගත වෙන්නට නැතුව ඇත.ඒ නිසාම කුඩාවට ඇරඹි මහින්ද සුලඟ අවසන් භාගයේදී දේශපාලන සුලි කුණාටුවක් දක්වා වර්ධනය විය..

2015දී පරාජය කර දැමූ මහින්දට නැවත වතාවක් කල ගුණ සලකන්නට ඇවැසි උනු මිනිසුනුත්, වැල යන අතට මැස්ස ගැසූ අයත් එකතුව පලාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවට දැවැන්ත ජයක් හිමි කර දුනි. පැවැත්වුනු මැතිවරණයේදී තමන්ගේ කොට්ඨාසය වෙනුවෙන් ඉදිරිපත් වෙන පුද්ගලයා කවුරුන්ද වත් නොදැන මහින්දට යුතුකම් ඉශ්ට කරන්නට බොහෝ අය පොහොට්ටුව ඉදිරිපිට තම චන්දය සලකුණු කලොය.අවසානයේ පත් වී තිබුණේ දේශපාලනය ගැන මෙලෝ අවභෝදයක් නැති ලැයිස්තුව ප්‍රතික්ශේප වීම වලකාගනු පිණිස නම් ඇතුලත් කල අයයි.සමහරු වයස අවුරුදු 25ක් වත් සපුරා නොතිබුණි.උන් දන්නා දේශපාලනයක් නොමැති බව පහු ගිය වසර කීපයේදී ඔප්පු කර හමාරය.බොහෝ ගම්වලට ඒ වසර ගණනාවටම පොදු ව්‍යාපෘති ලැබී නැත.

දැන් එදා මහින්දට කැරකුණු බඹරය අද ජාතික ජන බලවේගයට කැරකෙවෙමින් ඇත.ඒ අයද තමන් දේශපාලන වේදිකා වල කෑ මොර දුන් තරුණ නායකත්වය වෙනුවට වයෝවෘද්ධ අපේක්ශකයන් ඉදිරිපත් කරමින් ඇත.සමහර තැන් වල යාන්තම් වයස 20 පසු කල හිරිමල් තරුණයන් ඉදිරිපත් කර ඇත.. උන්ගේ දේශපාලන පරිණතකම ගැන කතා කිරීමෙන් පලක් නැත.ආයෙමත් රැල්ලට චන්දය භාවිතා කර ඉල්ලන් කෑමක් ලඟා කරගන්නට යන බව මගේ කියවීමයි.ජාතික ජන බලවේගය ජනප්‍රිය දේශපාලනයේ ලඟා කරගත හැකි උච්චතම අවස්තාව මෙවර මැතිවරණයේදී ලබනවා ඇත.
ඉගිල්ලී නොයන තාක් කල් කොකුන්ගේ සුද දැකිය නොහැක.බිම් මට්ටමේ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් මහින්දගේ බයියන් තරමටම බයි ගතිය ප්‍රදර්ශනය නොකරන්නැයි මම ප්‍රාර්ථනා කරමි.උන් එසේ කලහොත් ඒ ඓතිහාසික වරද නිවැරදි කරන්නට තව දශක ගණනක් ගතවෙනු ඇත.එවිට ජා.ජ බලවේගයේ ඉහළ තනතුරු දරණ දේශපාලනයේ හොඳින් තෙම්පරාදු වී ඇති අයගෙන් මේ රටට ලැබිය යුතු අවංක සේවය කිසි දිනෙක ලබා ගත නොහැකි වනු ඇත.

3 comments:

  1. මාර්තු 10 වෙනිදා පාන්දර වෙනකොට ජේවීපී එක රටේ බලය අල්ලනවා. ඉන් පසු සමාජවාදී ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු ද්‍රෝහීන් එක පෙලට සිටුවා වෙඩි තබා ද්‍රෝහීන්ගේ දේපල පක්ෂයට පවරා ගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. පැවැත්වෙන්න නියමිතව තියෙන්නෙ පලාත් පාලන මැතිවරණයක් නිසා රටේ පාලනය අල්ලා ගැනීමේ සිහිනයෙන් මිදෙන්න.නමුත් ජවිපේ හෝ ජාජ බලවේගය බහුතර පලාත් පාලන ආයතන ගණනක් ජයග්‍රහනය කලොත් මහ මැතිවරණයකට පාර්ලිමේන්තුව පොලඹවා ගන්න වැඩි අවස්ථාවක් ලැබෙයි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete