Thursday, January 20, 2022

අබ සරණයි

 



ජනාදිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ තමන්ගේ ප්‍රථිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර දින කිහිපයක් ඉක්මවන්නට මත්තෙන් නැවතත් සුපුරුදු නරි නාටක අරඹා තිබේ... වර්තමාන පාලනය ගෙන ඒමේ ප්‍රධාන බලාපොරොත්තුව වූ සුදුස්සාට සුදුසු තැන ලබා දීමේ අරමුණ නැවත නැවතත් දේශපාලන හෙන්චයියලාගේ මන දොල පිනවීම පිණිස ගණිකා සේවයේ යෙදවමින් ඇත.
අලුත්ම මාතෘකාව මිල්කෝ සමාගමයි.එහි වර්තමාන සභාපතිවරයා කළමණාකරනය පිලිබඳව උපාධිදාරියකු වන අතර තොරතුරු තාක්ශන ක්ශේත්‍රයේ විශිෂ්ටයෙකු වේ.ඔහුගේ පාලන කාලය තුල ආයතනයේ ගැටලු පැන නැගී නැති උවද දැන් ඔහුගේ තනතුර අහිමි කර තිබේ.එකිනෙකා පිනවීමේ පාපකර්මයට වන්දි ගෙවන්නට සිදු වන්නේ මේ රටේ ජනතාවටයි.
දිගින් දිගටම මේ රට කැඳවාගෙන යන්නේ අසාර්ථකත්වයේ ආගාධයටයි.දවසින් දවස අපට නැති වන්නේ මේ රටේ ශක්තියයි.තවදුරටත් හුදකලා නැගීසිටීම් වෙනුවෙන් මිඩංගු කරන්නට කාලයක් ඇත්තේ නැත.උගත් බුද්දිමත්  දේශමාමක පරම්පරාවක සාමූහික නැගී සිටීමක් අත්‍යාවශ්‍යයව ඇත. රටේ පාලකයන් ගේ අකටයුතුකම් වලට එරෙහිව තමන්ගේ හෙට දවස වෙනුවෙන් බුද්ධිමතුන් විදෙස්ගත වීම තවදුරටත් සිදු වීමට ඉඩ දියු යුතු නැත.උගතුන් බුද්ධිමතුන් නැති රටක මරි මෝඩ පාලකයන්ට හතර වරම් ගැසීමට ඉඩ සැලසිය යුතු නැත.මේ අපේ රටයි!

1 comment: