Saturday, November 24, 2018
සුදු නංගී
දයාබර සුදු නංගී,
මේ, මෙසේ ලියා අවසන් කරන්නට යෙදුනු කතාවක් නොවන වග විශ්වාසයෙන් කියමි.නමුත් ඔබ යා යුතුය.මුදල් බොහෝ දේ තීරණය කරනා සමාජයක විදේශයකදී හෝ ඔබ සුවෙන් සිටිය යුතුය.සුව වී ආයෙමත් මල් පාර දිග ඇවිදින්නට ඔබ පැමිණිය යුතුමය.මුකුලිත වන්නට ආසන්නයේ ඇති කැකුලු වලට හුස්ම පිඹින්නට ඔබ නැත්තේ ඇයි දැයි පිලිතුරු දී නොහැකිව අසරණ වන්නේ මා ය.ඉදින් මා ඒ සියල්ල මග හරින්නට සූදානම් වෙමි.අප ආ ගිය මග තනිව යන්නට හිතට සවියක් නොවේ.
රොහාන් වැනි මෘගයෙකු ඔබ වැනි සාවියක් රැක බලා ගන්නේ කෙසේදැයි අම්මා නොසිතනවා ඇති.අැයට මා කියනා දේ වැටහෙන්නේද නැත.නිරංගත් ගිහානුත් මා මගහරිමින් සිටිති.උන්ටද මේවා තේරුම් ගන්නට උවමනාවක් නැත.උත්පලා නංගීට උවද ඕනෑවට වඩා පිංසෙන්ඩු වන්නට නොහැක.
අවසාන වතාවට ඔබේ ඔය සිනිදු කොපුල මත හාදුවක් තවරන්නටත්,ලමැද මත මුහුණ හොවා මොහොතක් සැගව ඉන්නටත් මට උවමනාය.ඔබ මෘගයෙකු අතින් තැලී පොඩි වී යා යුතු කුසුමක් නොවේ.විශ්වාස කරන්න, මේ මොහොතේ මා අසරණය.මා සතුව ඇත්තේ අපිරිමිත සෙනෙහස පමණි.
ඒ සමුගැන්ම වෙනුවෙන් දින ගනිමි!
තුණුරුවන් සරණ
_කසුන්
Subscribe to:
Post Comments (Atom)
What is this?
ReplyDeleteකුමක් උනත් සංවේදී ලියමනක්
වස්සාන සිහිනයට එක ලෙසින් ආදරය කල යෞවනයෙක් හා යෞවනියක්,අප්‍රකාශිත ප්‍රේමයක්.මං දෙකක යන දෙදෙනා යෞවනියගේ විවාහයට ප්‍රථම, අවසන් වතාවට හමුවන්නට අවැසි බව,ඔවුන් මුණගැසුනු,ලංවුනු වෘතාන්තයට අනුව ලියවා යවන ලිපියක්..
Delete