රන්දී - පියවර 8

සහන්ගේ උපන්දිනයට පෙර දා දහවල් විවේක කාලයේදී අපි ඔහුව වට කරගත්තෙමු.ඒ වන විටත් මිතුරන්ගෙන්  වැඩි දෙනෙකු සහන්ගේ උපන් දිනය යෙදී ඇති බව දැන උන්හ.අපි එක එකා තමන්ට අවශ්‍ය දේ සහන්ට ලියා දුන්නෙමු.ඔහු සිනාසෙමින් ඒ සියල්ල එක් රැස් කරගත්තේය.අප ලියා දුන් දේ කෙසේ වෙතත් උපන දිනය හේතුවෙන් යම් කිසි සංග්‍රහයක් අපට ලැබෙන බව දන්නා නිසා පසු දින උදෑසනින්ම පාසලට ගොස් සහන් පැමිණෙන තුරු මග බලා සිටියෙමු.නමුත් ඔහු පාසලට පැමිණෙියේ වෙනදාට වඩා ප්‍රමාද වීමෙන් පසුය!
                 පොත් බෑගය ලෙස භාවිතා කල විශාල ගමන් මල්ලේ සහන් විසින් බීම බෝතල දෙකකුත් බිස්කට් පැකැට්ටුවකුත් ගෙනැවිත් තිබූ බව යන්තම් මතක ඇත.කරේ එල්ලාගෙන තිබියදීම බෑගය විවෘත කල කල්ප බීම බෝතලයක් ගෙන දිව ගියේය.එය උදුරා ගැනීමට ඔහු පසුපස තවත් කීප දෙනෙක් දිව ගියෝය.අනෙක් බීම බෝතලය ගත් මා නැවතුනේ පුස්තකාලය පිටුපසය.අරුණත් ලසන්තත් මා පසු පස පැමිණ ඇති බව දැන ගත්තේ දිවීම නතර කර හතිලමින් සිටිය දීය.මහන්සිය නිවෙනතුරු සිටි අපි තිදෙනා බඩ පිරෙනතුරු බීම බීවෙමු.සියල්ල අවසානයේ නැවත මිතුරන් අතරට යෑමට නැගී සිටි ලසන්ත පුදුමයෙන් කෑ ගැසීය.

"ඒයි බලපං... ඇපි හැමෝටම පොස්ටර් ගහපු හුඩාටත් පොස්ටරයක් වැදිලා..."

අරුණත් මමත් සැනින් එතැනට දිව ගියෙමු.මගේ ඡායාරූපයකුත් සමග පුස්ථකාල පිටුපස බිත්තියේ ඉහලටම වන්නට අලවා තිබුණේ මරණ දැන්වීමකි.කාගේ හෝ මරණ දැන්වීමක් ගෙන එයට මගේ පිංතූරයක් අලවා පිලිවෙලකට එය නිර්මාණය කර තිබිණි.
     කලයුත්තක් සිතා ගැනීමට නොහැකිව  මොහොතක් සිටි මා බොහෝ වෙහෙස වීමෙන් පසු එය ගලවා සාක්කුවට දමා ගත්තෙමි.දවස මුලුල්ලේ සැමගේ විහිලුවට ලක් වීමට මට සිදු විය.පුස්ථකාලය පිටු පස බිත්තිය හැරෙන්නට පාසලේ තවත් තැන් කීපයකම පෝස්ටර් අලවා තිබූ නිසා මා ගලවා ගත් පෝස්ටරයෙන් වාසියක් නොවීය.දකින දකින අය පොස්ටර වල ඇති දේවල් ඇසීම නිසා මා තරමක් අපහසුතාවයකට පත් නොවූවාම නොවේ.නමුත් ඒවාට සිනාසෙනවා හැරෙන්නට කල හැක්කක් නැත.



                 උසස් පෙළ අසන්න වන විට බොහෝ අයගේ පාසැල් ගමන දුර්වල විය.සමහර දින වල මුලු විද්‍යා අංශයේම දහතුන ශ්‍රේණියේ පැමිණීම 20 කට අඩු විය.පාසැල් නොපැමිණි අය කලේ සතියේ දින වල උදෑසන සිට පැවැත්වෙන පුණරීක්ෂණ පංති වලට සහභාගී වීමය.තවත් අය නිවෙස් වලට වී පාඩම් කලෝය.මිතුරන් එක එකා සහභාගී වූ පංති එකිනෙකට වෙනස් වූයෙන් අප සැවොම පාසලේදී මුණ ගැසුනේ කලාතුරකිනි.නමුත් තුෂාරත් ගයාන් සහන් හා මා බොහෝ විට පාසලේදී මුණ ගැසුනෙමු.දිනක් මා ඉන්දු සමග කතාබස් කරමින් සිටි තැනට මිතුරන් තිදෙනා පැමිණියෝය.

"කොහෙද බං ගියෙ? අපි හැමතැනම බැලුව    ගයාන් නෝක්කාඩු කියන්නට විය."
"කොහෙ යන්නද බං.. මං මේ ඉන්දි බලන්න ආව.මොකටද මාව හෙව්වෙ?"
"මරන්න ගෙනියන්න! ඇයි? " තුෂාරගේ කට ඉස්සර විය
"මේ බලපං රොෂාන් , දැන් අපේ උන් ඉස්කෝලෙ එන්නෙම නැති තරං.අපි හතර පස් දෙනා විතරක් ඇවිත් කිසි වැඩක් නොකර නිකන්ම ඉදල ගෙදර යන එකේ තේරුමක් නෑනෙ.රිවිෂන් යන්නෙ නැත්නම් ගෙදරට වෙලා හරි පාඩම් කරමු බං.මෙහෙම ගියොත් අපිට වෙන්නෙ රිසල්ට්ස් ආපු දාට අඩන්න තමයි."
මා අසලින් හිදගත් ගයාන් කියවාගෙන ගියේය.

"අපිත් එක්ක වලේ බැහැල හිටියට දැන් හැමෝම ගේමෙ ඉන්නෙ.වැඩියෙන්ම කට්ටිය ඉස්කොලෙ එන්නෙ අගහරුවාදටනෙ අපිත් එදාට සෙට් වෙමු.අනිත් දවස් ටිකේ පාඩම් කරමු බං.වැඩි දෙයක් බැරි උනත් එස් කටු තුනක් වත් දාගත්තෙ නැත්නම් අවුරුදු ගානක් කරපුව නිකන්ම වතුරෙ යනව බං. උඹ පාඩම් කරන්න අපේ ගෙදර වරෙන්.මුං දෙන්නත් එනවලු."
තුෂාර කල යොජනාවට එරෙහි වීමට හැකියාවක් නැත.

"ම්හ්... මේ සතියෙ නම් බැරි වෙයි.ඒත් මං එන්නම්.මටත් විභාගෙ හොද විදියට කර ගන්න ඕනි බං..."
"එහෙනම් ආයෙ ඉස්කෝලෙ එන්නෙ ලබන අගහරුවාද.... හරිනෙ! උඹල එදාට අපේ ගෙදර එන දවස් ටික කියපල්ල.ඕ කේ?"
අපි එදින පාසලෙන් පිටව ගියේ ඊලග අගහරුවාදා  නැවත පාසලට පැමිණෙන පොරොන්දුව පිටය.

Comments

  1. මේක අද තමයි ඇස ගැටුනේ. ඔක්කොම කොටස් කියෙව්වා. කතාව ගලාගෙන යන විදිය හොඳයි වගේ.

    ReplyDelete
    Replies
    1. අදහසට ස්තූතියි.මේ මීට වසර 7කට විතර කලින් ලියපු එකක්.අඩු පාඩු තියෙයි නම් පෙන්නගෙන යන්න.

      Delete
    2. Join the club එහෙනම්!! මමත් ඉස්කෝලේ යන කාලේ ලියපු කතාවක් මේ ලඟදි තමයි දැම්මේ. කැමතිනම් කියවන්න.

      ඔබ ඇවිත් යන්න එන්න

      අඩුපාඩු කියන්න තරම් මම ලොක්කෙක් නෙවෙයි. එක එක්කෙනාගේ ශෛලිය එකිනෙකාට වෙනස්. මගේ ශෛලියේදී නම් මම කතාව කියන කෙනාගේ සිතුවිලි ගැන ලියනවා. මොකද එතකොට තමයි කියවන කෙලාට ඒක දැනෙන්නේ. මට තේරෙන හැටිනේ!

      Delete

Post a Comment

Popular posts from this blog

Paraviyangala- belihul oya (ආදර කන්ද)

ඔන්න බලපියව් මහනායක පට්ටන්දර ටික රත් වෙන හැටි!

ස්පාඤ්ඤය - කැටලෝනියාව හා අපි