ජීවිතයේ තනි මංසල අතර මං වෙලා..
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා..
අතීතයේ සතුට රැගෙන යලි වඩින්න
ආරාධනා...
ආරාධනා....
අමරදේව මාස්ටර්ගෙ ගැඹුරු හඬින් ගැයුන ගීය අවසන් වෙද්දි ඩිලාන් එයාගෙ මතකය දිහ හරින්න ලෑස්ති වෙලා උන්නා..
"මං කලින් කිව්වා වගෙම මගේ ජීවිතේ සතුට වැඩි කලක් නොරැඳෙන ගතියක් තියෙනවා සාවිත්‍රී.... ණය කන්දක් එක්ක හීන මවපු තරුණ කාලය නිකන්ම ගෙවිලා යද්දි මම හීන දැක්කෙ ලැබෙන පලවෙනි අවස්ථාවෙදිම මගේ බිරිඳ එක්ක පවුලක් හැටියට සතුටින් ජීවත් වෙන එක ගැන.. අපි ආස කරන විදියේ නිවසක් ගොඩ නගා ගන්න එක.. ආස කරන ගමන් බිමන් යන එක, ලස්සන ඇඳුම් ගන්න එක... ,
"කොටින්ම අපිට මගහැරුණ අපේ තරුණ කාලෙ පහු වෙලා හරි විඳින එක...."
"හරි හමන් නින්දක් නැතුව.., බඩ පිරෙන්න කෑමක් නැතුව, අග හිඟකම් නිසා ඇති උන මානසික පීඩනය එක්කත් මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තිබ්බ නම් ඒ මගේ හීනය සාවිත්‍රී...."
"කාලයක් තිස්සේ මම අතමාරු ඉල්ල ගත්තු අය ගැන සටහන් තියා ගන්න පුරුදු උනා.. පියවන දිනයක් නැතුවත් මං වෙනුවෙන් තමන් මහන්සි වෙලා උපයපු මුදල් දුන්නු හැමෝටම මට පුලුවන් උන පලවෙනි අවස්ථාවෙදිම ආපහු මුදල් දෙන්න මට උවමනාව තිබ්බා...."
"හදිසි ණය මුදල් එකින් එක පියවලා සියල්ල මගේ පාලනය යටතට ආවම බිරිඳ එයා උපයන මුදල් ඉතිරි කරන්න පටන් ගත්‍තා.. වයසට ගිහින් රැකියාවක් කරන්න බැරි කාලයක් ආවම එයාට ජීවත් වෙන්න පුලුවන් තරමේ මුදලක් ලඟ තියෙන්නෙ ඕන බව එයා හිතුවා.. ඒක බොහොම සාධාරණ සිතිවිල්ලක්.."
"විවාහයෙන් වසර කීපයකට පස්සෙ ඉඳන් උපයපු සියලුම මුදල් ණය පියවන්න යෙදෙව්වා මිසක් අපි අපේ අනාගතය වෙනුවෙන් යමක් ඉතිරි කරගත්තෙ නෑ.. බිරිඳ හැමවෙලේම කිව්වෙ සියල්ල මගෙ පාලනය යටතට එනකන් එයා ඕනිම දුකක් විඳගෙන මට උදව් කරනව කියන එක....,"
" ඒ කතාව අහද්දි අනාගත හීන ගැන මට බයක්, අවිනිශ්චිත කමක් ඇති නොවුනා නෙවෙයි.. ඒත් මට බිරිඳ එක්ක තර්ක කරන්න අවශ්‍ය උනේ නෑ.. මං වෙනුවෙන් එයා කරපු කැපකිරීම් නිසා දශමෙකින් හරි එයාගෙ හිත රිදෙනවට මම කැමති උනේ නෑ සාවිත්‍රී..."
"සියල්ල මගෙ පාලනයට යටත් වෙලා ගතවුන දෙවෙනි මාසයෙදි බිරිඳ එයා ආස කරන ජීවිතය ගෙවන්න පටන් ගන්න ඕන කියන එක මට කිව්වා.. දරුවො, පුංචි ගෙයක්, ආදී සියලු බලාපොරොත්තු පහු කරන් බිරිඳට අවශ්‍ය උනා ඈත පිටිසර පලාතකට ගිහින් රැකියාවක් කරන්න...."
" මට ඒ එකකටවත් විරුද්ද වෙන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. ගැහැනියක් හැටියට එයාගෙ ආසාවන් සියල්ල කැප කරලා මම වෙනුවෙන් මහන්සි උන කෙනෙක්ගෙ එක බලාපොරොත්තුවක් හරි ඉශ්ට කරන්න මට යුතුකමක් තිබ්බා.."
"මං දැකපු හීන ඔක්කොම පැත්තකින් තියලා බිරිඳගේ ආසාවට මම එකඟ උනා සාවිත්‍රී.. එයා මං වෙනුවෙන් උහුලපු දුක් කන්දරාවට යන්තම් හරි ස්තූතියි කියන්න මට වෙන විදියක් කල්පනා උනේ නෑ.. මනුස්සෙක්ට නැති වෙන්න පුලුවන් සියල්ලම නැති වීමේ අත්දැකීම විඳලා හිටිය මට බිරිඳගෙ ඉල්ලීම දරාගන්න බැරි උනේ නෑ...."
"එතකොට ඩිලාන් ඔයා එහෙ ගියෙ නෑ..?"
"නෑ සාවිත්‍රී.. මගේ බිරිඳ ප්‍රාර්ථනා කලේ තනියම පිටිසර පලාතකට ගිහින් රැකියාවක් කරන එක. සමහර විට තරුණ කාලෙ අපි අනිත් සියල්ල පැත්තකින් තියලා උපයන මුදල් ණය ගෙවන්න යොදවද්දි අපිව පහු කරන් ලෞකික ජීවිතය ගොඩනගා ගත්ත පිරිසගෙන් පලා යෑමක් වගේ එයාට හිතෙන්න ඇති....."
"කොහම නමුත් හරියට ඒක අපි නොනිල වශයෙන් වෙන් විමක් වගේ මට දැනුනෙ..සියල්ල මගෙ පාලනයට යටත් උනත් අවසන් කල යුතු වැඩ රාශියක් මට ඉතිරි වෙලා තිබ්බා.. ඒ දේවල් කොලඹ තියලා මට බිරිඳ එක්ක ඈතකට යන්න පුලුවන් කමක් තිබ්බෙම නෑ.. එහෙම ගියා නම් ඉතිරි උන ණය ටික ගෙවන්න වෙන්නෙත් නෑ.. "
"මං පුංචි ඉල්ලීමක් විදියට මගෙත් එක්ක නතර වෙන කියලා එයාගෙන් ඉල්ලුවා.. ඒත්..., ඒත් ඒ වෙද්දි එයා සියල්ල සැලසුම් කරලා ඉවරයි සාවිත්‍රී... , එයා යම් දෙයක් ගැන තීරණයක් ගත්තම ආයෙ ඒක වෙනස් කරන ජාතියෙ කෙනෙක් නෙවෙයි..ඉතිං මං ඇගේ සතුට වෙනුවෙන් සියල්ල ඉවසා දරා ගත්‍තා.. "
ඒ කතාව ඇහුවම මට ඩිලාන් ගෙ ගැන දැනුනෙ දුකක්ද තරහවක් ද කියන්න මට අදටත් තේරෙන්නෙ නෑ.. මනුස්සෙක්ට මේ තරම් දේවල් දරාගන්න, මේ තරම් සාධාරණ විදියට හිතන්න, පුලුවන් උනේ කොහොමද..?