Saturday, March 2, 2019

විමලේ නොදන්නා මහින්ද

කිසි දිනෙක පරාජය නොවනු ඇතැයි සිතූ මහින්ද ජනාධිපතිවරණය පැරදී ගෙදර ගියේය.පස මිතුරු කදවුර සේම මහින්දගේ කදවුරේ බොහෝ දෙනෙකුද සිතූයේ මහින්දගේ දේශපාලනය එතැනින් අහවර බවය.නමුත් පැරදි මාස 7ක් යන්නට මත්තෙන් නැවතත් ක්‍රියාකාරී  දේශපාලනයට මහින්දව කැන්දාගෙන ඒමට එවක විපක්ෂයට තල්ලු කර සිටි අතලොස්සකට හැකි විය.විමලේ එතැනින් සුවිශේෂී චරිතයක් වු බව රහසක් නොවේ.
ජවිපේ සිටි විමල්ටත් ජානිපේ නිර්මාණය කරමින් ජවිපේට ආයුබෝවන් කියූ විමල්ටත් එක පොදු සාධකයක් ඇත.ඒ තමන් විශ්වාස කරමින් ඇති මතවාදය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීමය.විමල්ගේ බොහෝ ක්‍රියාකාරකම් වලට මා එකග නොවූවද ඉහත කී ගුණය නිසා මා ඔහුට ගෞරව කරමි.විමල් විශ්වාස කලේ ජනාධිපති මහින්ද පැරදී යද්දී පරාද වූයේ මහින්ද නොව මහින්ද නියෝජනය කල ජාතිකවාදී මතවාදය බවය.
විමල්ලාගේ මතය නිසා මහින්ද නැවතත් පාර්ලිමේන්තු ආයේය.නමුත් මෛත්‍රී ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව තරවටුවෙන් සම්මත කරගත් 19වැනි සංශෝධනය නිසා මහින්දට නැවත කිසි දිනෙක ජනාධිපති විය නොහැක.මහින්දට ජනාධිපති විය නොහැකි නම් ඔහුගේ පාලනයේ කෙලින් වැඩ කල ඝෝඨා, විමල්ලා විශ්වාස කරන ජාතිකවාදී මතය රැගෙන ඉදිරියට යා යුතු යැයි සාමාන්‍ය ජනතාව තුල රැල්ලක් නිමැවෙමින් ඇත.දේශපාලනයේ පරිණත මහින්දට වඩා ඉදිරි දැක්මක් ඝෝඨා තුල ඇති බව පෙනෙමින් ඇති නිසා සාම්ප්‍රදායික දේශපාලන බල කදවුරු කලබල වී ඇත.
මහින්දත් පසමිතුරු මෛත්‍රීත් එක් තැනට එන්නේ මේ සියලු සංතෑසියන් අතරතුරදීය.ඝෝඨාභයගේ දේශපාලන ආගමනය තමන්ටද තමන්ගේ පෞද්ගලික චේතනා වලටද අභියෝගයක් බව මහින්දට වැටහී ඇති සේය.බැසිල් නිර්මාණය කල පොහොට්ටුව තුල ඝෝඨාභයට එරෙහි කණ්ඩායම් කල එළි බහින්නේ ඒ නිසාය.එසේම පවතින ව්‍යවස්ථාමය අවුල් ජාලය තුල විධායක බල තල සහිත ජනාධිපතිවරයෙකුගේ භූමිකාව අහෝසි කරවන්නට දගලන රාජ්‍ය නොවන සංවිධාන උත්සාහ ගන්නේද  මහින්දගේ බල කෑදරකමින් තමන්ගේ යටි අරමුණු සපුරා ගැනීම සදහාය.
මහින්ද නොම්මර එකේ බල පෙරේතයෙකු වි ඇත.එසේ නැතිනම් 19වැනි සංශෝධනයෙන් අවුල් වියවුලක් බවට පත් කර ඇති රටට බල කේන්ද්‍රය අහිමි කරන්නන්ට උල්පන්දම් දෙන්නේ නැත.මෛත්‍රී දෙවැනි වර ජනාධිපතිවරණයට තරග කලහොත් ඇප මුදලද රාජසන්තක විය හැක.ඔහු ජනාධිපති කරවන්නට දැන් ශ්‍රිලනිපයක් නැත.පොහොටුවේ බහුතරයක් මෛත්‍රී ප්‍රතික්ශේප කරති.රනිල්ගේ තත්වයද එසේමය.තමන්ගේ පක්ෂ නායක කම ඉවත් කරන්නට උද්ඝෝෂන කල පක්ෂයක් ඔහු ජනාධිපති කරවන්නට දිව යන්නේ නැත.පාක්ෂිකයන්ට රනිල් තිත්තය.මහින්දට තරග කල නොහැක.
රටේ නායකත්වය තීන්දු කිරීමේ තරගය පාර්ලිමේන්තුවට ගෙන ආ යුත්තේ ඒ නිසාය.එවිට එය රටේ ප්‍රධාන බල කණු තුන අතර තරගයක් වනු ඇත.එතැනිනුත් මහින්දට වැඩි වාසි ඇත.විමල්ලා නාදුනන මහින්ද මතුවන්නේ බලයේ අවශ්‍යතාවය දැනී ඇති විටය.ජාතික මතවාදයට වඩා රනිලුත් මහින්දත් මෛත්‍රීත් හීන දකින්නේ තමන්ගේ බලය රදවා ගත හැකි ආකාරයක් පිලිබදවය.යහපත් ,නොබිදුන රටක් ඔවුන්ට ඇවැසි කරන්නේ නැවතත් මැතිවරනයකදී ඡන්ද ටික ඩැහැ ගැනීමට පමණි.

4 comments:

  1. What you say is MR is greedy for power (may be true) and he should leave politics. Here is my questions for you.

    1) Do you agree that there are people who will vote for MR?
    2) If MR leave politics who will MR supporters vote for?

    It is normally losers who are asking the opponent to go home, without challenging to fight. Therefor MR will be there as long as people vote for him (it is not a question of MR voters will decide when MR will go home)

    ReplyDelete
    Replies
    1. මහින්දට මිනිස්සු ඡන්දෙ දුන්නෙ එයා පෙනී හිටපු මතවාදය හා එයා කරපු වැඩ කොටස ගැන පැහැදිලා.මහින්ද ඒ මතවාදය අතහරිනව නම් පුද්ගලයෙක් විදියට එයාව දිනවල මිනිස්සු බලාපොරොත්තු වෙන දේ ලගා කරගන්න බෑ.විශේෂයෙන් පලාත් සභා වලට තමන්ට හිතූ පරිදි වැඩ කරන්න නිදහස දීල,ඒ නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදනව කියල පේනව නම් ඒක වලක්වන්න පුලුවන් ක්‍රමය ඉවත් කලොත් තේරුමක් නෑ.උතුරෙන් නැගෙනහිරෙන් හා කදුකරයෙන් පාර්ලිමේන්තු එන සුලු ජාතික නියෝජිතයන් සෑම දේටම රජය සමග කේවල් කරනව අපි දකිනව.පවතින ක්‍රමයෙන් බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් පත් වෙන එක ඉතා අසීරු කාරණයක්.එතකොට රජයක් පවත්වාගෙන යන්න නම් කලින් කියපු සුලු ජාතික නියෝජිතයන්ගෙන් සහයෝගය ගන්න වෙනව.කොහොමත් බලයට කෑදර මිනිස්සු නිසා මොන කොන්දේසිය දැම්මත් ඒවට එකග වෙලා ආණ්ඩු පවත්වාගෙන යන්න උත්සාහ කරන පිරිස වැඩියි.ඒ වෙලාවට තමයි රටට අවසන් තීරණාත්මක බල කේන්ද්‍රයක් අවශ්‍ය වෙන්නෙ.මහින්දල එකතුවෙලා නාම මාත්‍රික ජනාධිපතිධූරයක් ඇති කරල පාර්ලිමේන්තුවට වැඩි බලතල ගත්තොත් වෙන්නෙ ඒක.මුලින් පෙනී ඉන්න ඕනි ඡන්ද ක්‍රමය වෙනස් කරල,ජාතීන් වශයෙන් වෙන් වෙන්ව පෙනී ඉන්න තියෙන සෑ අවස්ථාවක්ම අහුරන වැඩපිලිවෙලකට.ඊට පස්සෙ පාර්ලිමේන්තුවට වැඩි බලතල ගත්තැකි.මහින්ද දේශපාලනයෙන් සමු ගන්න කොහෙත්ම අවශ්‍ය නෑ.තමන්ට තරග කරන්න අවස්ථාව නැති විධායක ජනාධිපති ධුරයට තරග කරන්න එකකුස උපන් සහෝදරයට දීල රට කෑලි වෙන්න නොදී ජනාධිපති මලණුවන් යටතේ අගමැති විදියට වැඩ කරන්න හිත හදා ගන්නව නම් ඇති.

      Delete
    2. I do not think MR is willing to give more power PCs.(only north is asking more power, no one else) As you can see President is just namesake now (after 19th by MS+UNP) MS made mess for himself thinking he has the same power as before 19th. Provincial councils add no value to the country, but all (SLFP+UNP+JVP) using PCs to get political work done. JVP who killed people for contesting and voting for PCs, not asking to abolish PCs but asking to abolish Ex President. You can't blame minorities to getting things done for them. We Sinhala are always divided and SLFP or UNP need small parties. I am not fan of MR, but in 2020 what choice we have other than Gota. If anyone for the same lot elected President in 2020 we will be Banana republic (not impossible though)

      Delete
    3. හරියට හරි.ලංකාවට තව එල්ලෙන්නෙ තියෙන්නෙ ඝෝඨාබය කියන පිදුරු ගහ විතරයි.නමුත් ඝෝඨාබය දේශපාලනයට එනවට කොයි තරම් බාධාවල් තමන්ගෙම කදවුරෙන් එනවද කියන එක ගැන ඔබ සංවේදීද? දැනට පවත්නා යම් තාක් දුරටවත් බලය ඇති ජනාධිපති ධුරයකට ඝෝඨා රැගෙන යෑම හැර එක එකාගේ බල කෑදර කමට අවලංගු කරන විධායකයට රටක් ගොඩ නගන්න බෑ.මගේ තර්කය මෙච්චරයි මේ වෙලාවෙ ඝෝඨාභය හැර විකල්පයක් නෑ.එහෙම නම් මහින්ද ඇතුලු වර්තමාන විපක්ෂය ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනි.දැනට පේන හැටියට නම් මහින්ද මෛත්‍රී රනිල් ප්‍රසිද්දියෙ කියනව විධායකය අහෝසි කරන්න එකගයිලු.ඒ කියන්නෙ නැවත විධායක ජනාධ්පති කෙනෙක් අවශ්‍ය නෑ කියන එක නේද?මෛත්‍රීවත් මහින්දවත් මෙච්චර කාලෙකට නොකරපු දේ චන්දෙ කටේ තියාගෙන කරන්න හදන්නෙ මහින්ද මෛත්‍රි රනිල් පිරිසට ඉල්ලන්න බැරිකම හෝ ඉල්ලුවොත් නිසැක විදියට පරදින නිසා නේද?

      Delete