Tuesday, November 3, 2015

උපාධි කඩ?

මට හිතාගන්න බෑ මේ රටේ රජයේ විශ්ව විද්‍යාල වලට යන ළමයි ඇයි මේ තරම් පෞද්ගලික විශ්ව විද්‍යාල මේ රටේ තියෙනවට අකමැති කියල.ඒ අයගෙ ප්‍රධාන තර්කයක් තමයි ධනවත් නමුත් නූගත් අයට උපාධියක් ලබා ගන්න අවස්ථාවක් දෙනව කියන එක.මං හිතන්නෙ නෑ කිසිම විශ්ව විද්‍යාලයකින් තමන්ගෙ තත්වය පහළ දාගන්න කැමති කැමති විදියට උපාධි දෙයි කියල.කවුරු කලත් යම් නිර්ණායක උඩ ඉදන් තමයි උපාධියක් පිරිණමන්නෙ.ඒ වගෙම රජයේ විශ්ව විද්‍යාලයකින් උසස් අධ්‍යාපනය ලබන්න බැරි, නමුත් ඒකට උවමනාවක් තියෙන අයට ඒ වෙනුවෙන් අවස්ථාවන් වැඩි කලාම වාසිය තියෙන්නෙ මේ රටටමයි.උසස් අධ්‍යාපනය ලැබූ පිරිසේ ප්‍රමාණය වැඩි වීම නිසා මේ රට හැමදාම තියෙන පහළ අඩියෙන් යම් ප්‍රමාණයක් වත් ඉහළට ගන්න පුලුවන් වෙයි.මේ රටේ දැනටත් පුද්ගලික විශ්ව විද්‍යාල ක්‍රියාත්මක වෙනව.ඒවගෙන් උපාධිධාරීන් දහස් ගණනක් වාර්ෂිකව රැකියා වෙළදපලට එනව.නමුත් එතැනදි රජයේ විශ්ව විද්‍යාලයක උපාධිධාරීන් අභිබවමින් අවස්ථාවන් ලැබෙන්නෙ පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන්ට.ඒ ඔවුන් මුදල් වියදම් කරල ඉගෙන ගත්තු හන්ද නෙවෙයි.ඔවුන්ගෙ දැනුම පුලුල් නිසා.මේ ඇත්තට අපි මුහුණ දෙන්න ඕන.එහෙම නැතුව පෙලපාලි උද්ඝෝෂන උපවාස කරල තවත් කෙනෙක් යම් දෙයක් ඉගෙන ගන්නවට විරුද්ධ වෙලා නෙවෙයි.

1 comment:

  1. එය එසේ නම් පිළිතුර විය යුත්තේ එවැනි ආයතන නියාමනය කර ගුණාත්මක භාවය ඉහළ නැංවීමට බල කිරීම හා එය නොකෙරේ නම් ආයතනය තහනම් කිරීම මිස පලමු විකල්පය වශයෙන් නිවැරදි වීමට අවස්ථාව නොදී තහනමට ලක් කිරීම නොවේ.රජයේ නියාමනයක් සහිතව මුදලට උපාධි පිරිනමන ආයතන ද මෙරට ක්‍රියාත්මක අතර ඒවායේ ගුණාත්මක භාවය ගැන කිසිවෙකුත් ප්‍රශ්න නොකරන නිසා සංකල්පමය වශයෙන් එම විසදුම හොදම විසදුම ලෙස ගත හැක.

    ReplyDelete